තිරගත වීම අරඹා මුල් දිහ පහ තුළ ලක්ෂ 47ක වාර්ථා තැබූ ’’හිතුමතේ ජීවිතේ’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුගියදා තිරගත වීම ආරම්භ වුණු "හිතුමතේ ජීවිතේ" චිත්‍රපටය සාර්තක ලෙස තිරගත වන බව වාර්ථා වෙනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ මුල් දින පහ තුළ ලක්ෂ 47ක ආදායමක්ලැබීමට සමත් වෙලා තියෙනවා. එම දින පහ තුල චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයන් ප්‍රමානයද අද සහස ඉක්මවා යෑම විශේෂයි. 

විවිධ සමාජ විෂමතාවයනට ලක්වී, පසු කලෙක සමාජයේම එක්තරා පිරිසක් අතර වීරයන් බවට පත් වූ, සරදියෙල් , යකඩයා, පොඩිවිජේ, මරුසිරා, වැනි චරිත, කලින් කලට අප ජන සමාජයේ කතිකාවට ලක්වූ මනඞකල්පිත නොවූ සැබෑ චරිත. එවන් පසුබිමක සුමති නම් වූ ඔහු “හිතුමතේ ජීවිතේ” නමින් ප්‍රකටව ගෙවුණු කාල වකවානුවක දී සමාජයේ දැඩි කතා බහට ලක් වුණා.

ඔහුගේ එම කතාව පාදක කර ගනිමින් , එනමින්ම තැනූ සිනමා සිත්තමක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි ඔහුගේ කුලුඳුල් සිනමා පටය ලෙසයි. “හිතුමතේ ජීවිතේ” මේ වන විටත් ලොව ප්‍රකට අන්තර්ජාතික සම්මාන උලෙළ රැසක්ම නියෝජනය කළ සිනමා පටයක්.

සිනමා පටයේ සාරංශය මෙසේයි.

බක් මහේ උදාව කොහෝ නදින් ගම්මානයට ගෙන ආවේ නැවුම් මිහිරියාවක්. ගමේ ලොකු පොඩි කාගෙත් නෙත් සිත් දිනා ගත් රූමත් යුවතියක් වූ කුසුමාවතී පාසැල් වියේ පසුවන යෞවනියක්. ගම් ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උළෙලේ අවුරුදු කුමාරිය ලෙස ඇය අභිෂේක ලැබුවේ ද ඒ රූමත්කම නිසාවෙන්. අවුරුදු සමය නිමාවෙන් පසුව සුපුරුදු පාසල් ගමනට අවතීර්ණ වු ඇය, දිනක් පාසලට ගොස් නැවත නිවසට නොපැමිණිම නිසා කලබලයට පත් නිවැසියන් ඇය සොයා සතර අත වෙහෙසුණ ද හමු නොවූ තැන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කලත්, ඔවුන් ඒ පිළිබඳව දක්වූයේ නිද්‍රාශීලී පිළිවෙතක්.

නීතියේ පිළිසරණක් නොවූ තැන , කුසුමාවතීගේ සොහොයුරා වූ සුමති අතුරුදන් වූ සිය නැඟණිය කෙලෙසක හෝ සොයා ගැනීමට අදිටන් කරගන්නවා. නැගණීයගේ සමීපතම මිතුරියකගේ මාර්ගයෙන් සිය සොහොයුරිය යම්කිසිවකුගේ පැහැර ගැනීමට ලක් වී ඇති බව දැන ගන්නා සුමති, වැඩි දුරටත් කරුණු සෙවීමේදී සිය නැගණිය කාමාතුරයින් පිරිසකගේ සමූහ දූෂණයට ලක්ව මිය ගොස් ඇති බව හෙළි කර ගන්නවා. එම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ ප්‍රදේශයේම ප්‍රචලිත ප්‍රභූවරුන් පිරිසක් බව දැන ගන්නා සුමති රහසිගතව සියලුම දෙනාගේ තොරතුරු ගවේෂණය කරමින් හා ඔවුන් පසුපස ලුහු බඳීමින් සිය නැගණියට කළ අපරාධයට දඬුවම් දීමට පෙලඹෙන්නේ, බලවතුනට නීතිය එක සේ ක්‍රියාත්මක නොවන පසුබිමක දී.

“හිතුමතේ ජීවිතේ” රංගන දායකත්වය

දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර රත්නායක, කුමාර තිරිමාදුර, ජයනි සේනානායක, දමිතා අබේරත්න, ජගත් චමිල, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, අනුරුද්ධිකා පාදුක්ක, සරත් චන්ද්‍රසිරි, ඉෂාන් ගම්මුදලි , අනලි ජයසිංහ, සංජීව ගුණරත්න, රිචඩ් අබේවර්ධන, වසන්ත කුමාරසිරි, චරිත් සේනානායක, චන්දන දිසානායක, චමින්ද හේවාවසම්, සම්පත් බණ්ඩාර, ජගත් සේනානායක, අතුල ජයවර්ධන, සුසිල් ජයවර්ධන, රෝහිත ජයතිලක, රොෂාන් ගමගෙදර, ඉසුරු උදාන, චන්න ජයසිංහ, චන්දන පෙරේරා, ඉන්දික ද සිල්වා, අමාලි රණසිංහ, උදිත් පෙරේරා, මංජුල ගජවීර, ලලිත් පෙරේරා සහ සිනමාවට හඳුන්වාදෙනු ලබන මාරියෝන් වෙත්තසිංහ සමඟින් හර්ෂිකා රත්නායක.