ත්‍රිකලා ධරණි පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් කරපු සත්ක්‍රියාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකවක් ලෙස කා අතරත් ජනප්‍රිය ත්‍රිකලා ධරණි ඇයගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සිදු කළ උතුම් ක්‍රියාවක් සමාජ මාධ්‍යයේ පළ වී තිබුණා. පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බව රහසක් නෙමෙයි. එවන් තත්වයක් තුළ සිය උපන් දිනය දා සාද පවත්වා එය සැමරීම වෙනුවට එම මුදල් අසරණ දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.

ඒ පිළිබඳව ඇය තැබූ සටහන පහතින්.

"ඉස්සර ඉස්කෝලේ පොත් ලැයිස්තුව ආවම මම බයයි. අම්මට ඒක පෙන්නන්න . කීයක් යාවිද කියලා හරි බයයි.. ගනන් හදලා එකතු කරලා ඕනෑම ටික තමයි අම්මගෙන් සල්ලි ඉල්ලලා ගත්තේ !!!!!!

එනිසා මට අවුරුදු 15 ඉදන් හම්බකරලා මගේ වියදම් මමම කරගන්නකොට ඒ කාලේ හිතට ලොකු සැනසීමක් දැනුනා ... අද මම නිසා පාසල් යන දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.... (මගේ වියදමෙන්) මම නිසා අකුරු ලියන්න පොතක් පතක් ගන්න,, බඩට රසට කෑමක් කන ,,පවුල් ඉන්නවා ... ( කිසි කෙනෙක්ගේ නමක් ගමන් මුහුණක් කිසි දවසක සමාජ මාධ්‍ය වල දාන්නේ නැත ). ඉතින් ....මගේ ලෝකෙ වටිනාම වස්තුව මගේ බබා..... එයාගේ උපන්දිනය අද..... අද වෙනකන් මම වත් මගේ බබාවත් උපන්දින පාටියක් අරන් නෑ මුලු ජීවිත කාලේම එක පාරක් වත් ‼️‼️ හැමදාම වගේ අදත් එයා එක්ක පොත්කඩේකට ගිහින් ආර්ථීක අපහසුතා තියන ඉස්කෝලේ යන්න අකුරු ලියන්න පොත් පත් ගන්න හැකියාවක් නැති බබාලා ගොඩකට පොත් පත් ගත්තා... කොච්චර පුලුවන් කමක් තිබුනත් තරු හෝටලයකට එයා එක්ක ගිහින් මිල අධිකම කේක් එකක් කපලා පොටෝ එකක් ගහනවට වඩා, මෙහෙම පිනක් කරලා ඒ ගන්න පොටෝ එක එයා ලොකු වුන කාලේක ගොඩක් ආසාවෙන් බලාවී .... එයාගෙ අම්මා වෙනස් දෙයක් එයාට කරලා තියනවා කියලා දැනේවී ...

එයත් ලොකු වෙලා ඒක පුරුද්දක් විදියට කරාවි ... එක වචනෙකින් හරි කෙනෙක්ගේ හිතට හයියක් වෙන්න එක රුපිලයකින් හරි කෙනෙක්ගේ බඩගින්නක් නිවන්න උදව් වෙන්න ඒ සතුට පාටියකින් ගන්න බෑ මම නම් කියන්නේ... Happy Birthday My Angel.... Love you to the moon and back"