තමන් ගැන විතරක් හිතන සත්තු වගේ මිනිස්සු ඉන්නෙ - දිල්කි උරේෂාගෙන් ආන්දෝලනාත්මක කතාවක්
"සත්තයි මට ඔබ වාගේ" කියන එකම එක ගීතයෙන් ලංකාවේම අවධානය දිනාගත්ත දිල්කි උරේෂා, අනතුරුව හැමෝම දන්න අඳුනන චරිතයක් බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට දිල්කි ප්රසංග වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක්.මේ තියෙන්නෙ ඇය මොහොතකට පෙර මුහුණු පොතේ තැබූ සටහනක්.
ලංකාවේ පාලකයො විතරක් නෙවෙයි මිනිස්සුත් හැදෙන්න ඕනෙ!
තමන් ගැන විතරක් හිතන සත්තු වගේ මිනිස්සු ඉන්නෙ!
තමන්ගේ වැඩේ වෙනවා නම් කොහොම හරි අනිත් මනුස්සයා මැරුණත් කමක් නෑ
තෙල් ටික පෝලිම් වල ඉඳන් ගහගෙන වැඩි ගානට විකුණනවා,අසරණ වෙලා ඉන්න මිනිස්සු තවත් අසරණ කරනවා.මිනිස්සුන්ගෙ සාප ස්වභාවදහමේ දඬුවම් එහෙම එව්නටත් වැදේවා
අප්පිරියයි දැන් නම්