තාත්තට සමුදුන් නිළි පියුමි බොතේජු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"තාත්තලා වැඩියෙන්ම ආදරේ දූලාට.." එයාටත් එහෙම වෙන්නැති. පුංචි තිරයට හුරුපුරුදු වුණාට, ලංකාවම ආදරේ කළාට. එයාට වැඩියෙන්ම දැණුනු ආදරේ එයාගේ වෙන්නැති. තාත්තලා එහෙමයි. ආදරේ පෙන්වන්න දන්නෙ නැති, කොන්දොස්තරගේ ඉතිරි රුපියල වගේලූ.

පියුමි බොතේජු... ඇගේ තාත්තත් පසුගිය දවසක යන්න ම ගියා. ඇයට ඒ වේදනාව බොහෝම තදින් දැනෙන්න අරන්.

පහළින් තියෙන්නෙ ඇය ලියූ සංවේදී සටහනක්..

මට තාමත් හීනයක් වගේ තාත්තී ඔයා හොස්පිටල් එකේ ඉන්නවා කියලාමයි හිතෙන්නේ , ඊයේ ඔයාගේ බඩු ටික අස්කරද්දී ඔයා අන්තිමට ඔලුව තියන් හිටපු කොට්ටේ දැක්කහම මගේ පපුව පත්තු වුනා තාත්තේ, ඔයා නැති ලෝකයක් මන් කවදාවත් හිතලා තිබුන්නෑ. අපේ ගෙදර කොහොම ඉන්නද කියලා මට තේරෙන්නෑ තාත්තේ ගෙට ඇතුල් වෙනකොට බලාගෙන ඉන්න ඔයා අද නෑ ඔයාගේ පුටුව හිස් වෙලා මේ තනිකම මට දරාගන්න අමාරුයි තාත්තේ , අන්තිම මොහොතෙත් මගේ දිහා ඔයා බැලුවේ ඒකයි නේද මට ඕන දෙයක් දරාගන්න පුලුවන් කිව්වට මං ඔයා ගිහාම කඩා වැටුනා තාත්තේ අනිත් මිනිස්සු බොරු කරද්දි ඔයාගේ ආදරේ කවදාවත් බොරුවක් තිබ්බේ නෑ, ඉස්සෙල්ලම කාර් එකක් ගන්න මගේ අතට සල්ලි දිලා කාර් හොයන්න අපි දෙන්නා ඇවිද්ද හැටි, කාර් එක අරන් ඔයා ඉස්සරහා සීට් එකේ හරි ආඩම්බරයෙන් වාඩිවෙලා ආපු හැටි මට මතක් වෙනවා.
රණ්ඩුකරන්න ආදරේ කරන්න විහිලු කරන්න සිංදු කියන්න හැමදේටම මට හිටියේ ඔයා ......
අනේ මන්දා මට තේරෙන්නෑ තාත්තී මන් කොහොම ඉන්නද කියලා. ඔයා හරි නරකයි මාව මෙහෙම තනි කරලා යන්න හිත හදාගත්තනේ
ආයි මේ ගේ ඇතුලේ දයානී දයානී ගගා කෑ ගහන්න කෙනෙක් නෑ
බේබි කියටද එන්නේ කියලා අහන්න කෙනෙක් නෑ
මැච් එකක් බලනකොට කරදර කර කර ස්කෝර් එක කියද කවුද දිනුවේ කියලා අහන්න කෙනෙක් නෑ
බොතේජු ගූඩ් මෝනින් කියලා මන් කාගේ නිකට මිරිකන්නද තාත්තේ
මේ දැනුත් ඔයාගේ පුටුව දිහා බලාගෙන මං හුල්ලනවා....
මන් දන්නවා අවුරුදු ගානක් බෙහෙත් බීලා කටු ගහලා ඔයාට එපාවෙලා හිටියේ කියලා දැන් ඒ හැමදෙයින්ම ඔයා නිදහස් ඔයා සැපට නිදි ඇති දැන් ඔයාගේ බේබි විතරක් නෙවෙයි මිලෝ ජේලෝ ඔයාගේ කාමරේට ඇවිල්ලත් බලනවා.. අපි ඔක්කෝටම මේක දරාගන්න අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඔයා හොද තැනක ඇති ඔයා පිං කදක්
ආයේ ඉතින් කාගේ කොණ්ඩේ රැවුල් කපන්නද මන්
බාබර් සාප්පු close forever