තාත්තාගේ සින්දු ප්රතිනිර්මාණය කරන්න අපි අනුමැතිය දීලා නැහැ - නිහාල් නෙල්සන්ගේ පුතාගෙන් අනතුරු ඇඟවීම
පසුගිය වසරෙ දෙසැම්බර් මස 13 වෙනිදා සහෘද හදවත් කම්පා කරමින් මෙරට බයිලා කලාවේ පුරාවෘත්තයක් වන ප්රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මෙලොවින් සමුගත්තා. ඔහු සමුගෙන මසක් ගත වන්නටත් මත්තෙන් ඔහුගේ ගීත නැවත ප්රතිනිර්මානය වීම් සිදුවන බවට වන ආරංචියක් මත ඔහුගේ එකම දරුවා වන පුතු තරංග නෙල්සන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පිළිබඳව මෙසේ සටහනක් පළ කරලා තිබුනා.
"නව මුහුණුවරේ සැබෑ මුහුණුවර
මගේ පියා වන නිහාල් නෙල්සන්ගේ ගීයක් විදේශයක දී ප්රතිනිර්මාණය කර අන්තර්ජාලයට මුදා හරින බව සහ එයට මා සහ මාගේ පවුලේ අයගේ අනුමැතිය හිමි වී ඇති බවට ද හඟවන පුවතක් අද දින (06.01.2023) පුවත්පතක පළ වී තිබුණි. මේ පුවත සම්බන්ධයෙන් මා හෝ මාගේ පවුලේ අය හෝ කිසිදු වගකීමක් දරන්නේ නැති බව ප්රකාශ කරමි.
සිද්ධියට අදාළ පාර්ශ්වය හා කෙරුණු දුරකථන සාකච්ඡාවේ දී පුවත නිවැරැදි කිරීමට ඔවුහු පොරොන්දු වූහ. කරුණු නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ අනුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇත්තෙමි.
නිහාල් නෙල්සන් යනු මගේ පියා මෙන්ම ඔබේ හිතවතා ද වෙයි. ඔහු ජීවත් වූයේ ද තවමත් ජීවත් වන්නේ ද ඔබේ ආදරයෙනි. එබැවින් ඔහු හා සම්බන්ධ වන කවර හෝ කටයුත්තක් සිදු කෙරේ නම් ඊට පෙර මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
මීට තරංග නෙල්සන්"