තාත්තගේ උපන්දිනය වෙනුවෙන් පියුමි බොතේජු කළ උතුම් පිංකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි බොතේජුගේ පියා මෙලොවින් සමුගත්තේ මෑතකදීයි. ඒ ඔහු රෝගාතුරව සිටීම නිසාවෙන්. ඔහුගේ නික්ම යාමෙන් පසුව පියුමි බොතේජු ඇයගේ සමාජ මාධ්‍යය සටහන් තුළ නිතර නිතර තබන සංවේදී සටහන් ද රැසක් දැකිය හැකියි. පහුගිය දවසක සිය පියාගේ උපන්දිනය නිමිත්තෙන් ද පියුමි සංවේදී සටහනක් තබා තිබුණා. ඒ වගේම ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් පින් කටයුත්තක් පිළිබඳව ද ඇය තැබූ සටහනක් අපිට දැකිය හැකි වුණා.

"අද තාත්තී හිටියනන් වයස 71 මේ හැමෝටම අමාරු කාලයක් ඉතින් තාත්තීගේ උපන්දිනය වෙනුවෙන් හාල් මලු 71 බෙදා දෙන්න ලෑස්තිකලා. මේ සියලු පිං මගේ රත්තරං තාත්තීට අනුමෝදන් වේවා! "