ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා කියන සංජීව් ලෝන්ලියන්ස් ගුරුවරයෙකු බව දන්නවාද?
කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.
මේ වචන ටික ඇහෙනකොටම මතක් වෙන්නේ මෙන්න මේ චරිතය. සංජීව් ලෝන්ලියන්ස්.ඔහු ගැන ඔබ දන්නේ කලාකරුවෙක් විදිහට විතරයි කියලයි අපිට නම් හිතෙන්නේ. හැබැයි ඔබ දන්නවද ඔහු උසස් පෙල සඳහා කෙමිස්ට්‍රි ක්ලාස් කරන ගුරුවරයෙක් කියලා. මේ ඔහු ඒ ගැන පුවත්පත් සාකච්ඡාවකදි සඳහන් කරලා තිබුනේ මෙන්න මේ විදිහට.
ඒ ලෙවෙල් කෙමෙස්ට්‍රි ක්ලාස් එක කිසිම වෙලාවක නවත්වන්නේ නැහැ. මම බොහොම අමාරුවෙන් ඒවා කරපු හින්දයි සින්දු කරගන්න මුදල් ටික හරි ලැබෙන්නේ. ඉතිං ඒ දේවල් ඉදිරියටත් කරගෙන යනවා. මට මහ ලොකු බිසී කියලා තත්වයක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ.රිලැක්ස් එක තමයි අපේ අංක එක.
මට හරි සතුටුයි කෙමිස්ට්‍රි කියන පාරෙයි ආර්ට් කියන පාරෙයි අපිට හෙමින් හෙමින් ටිකක් දුර හරි කට්ටිය කිහිප දෙනෙක් එක්ක යන්න හම්බුන එක ගැන.