ජීවිතේ හැලහැප්පීම් ඉතාම සුළු දේවල්. ලොකු ආදරයක් මැද සිද්ධ වෙන පුංචි දේ ඈත් කරනවා.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ජීවිතේට අරුණ උදාවේ...
යොවුන් හැඟුම් දෝරේ ගලා යයි..."
 
"මල් යායේ සමනල්ලූ පාළු වී ගිහින්..
ඉස්කෝලෙ අන්තිම දවසයි අපේ.."
 
එදා මෙදාතුර මතකයේ රැඳුනු ගී රැසකම හඬ හිමිකාරිනිය වූ ඇය, පසුකාලීනව අතිශය නිහඬ චරිතයක් බවට පත්වුණා. එහෙම වුණත් ඇගේ හඬට ප්‍රිය කරන පිරිස් ඇය ගැන හොයනවා, බලනවා. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් තමයි මේ. 

චම්පා කල්හාරි කලකල පසු යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහක් තමයි මේ...
 
පිරිමියෙක් උයන එක හොඳයි ද ?

අනිවාර්යෙන්ම.. මම හැම තිස්සෙම පුතාට කියන දේ.. අද සමාජේ දුවනවා.. දුවනවා. සීමාවක් නෑ බලාපොරොත්තු වල. පහුගිය දවස්වල කොරෝනා හැදුණා. අපි හිතන විදිහට මළගමවත් ගන්න බෑ. මිනියක්වත් දකින්න නැතුව ගියා. මම අත්වින්ඳා එක. මම පුතාට කිව්වේ මේ කාලේ ජීවිතේ විඳින්න. මගෙත් එක්ක හොඳට කතා කරනවා. එයා ගෑනු ළමෙක් වගේ. කතා කළත් එළියට එන් නෑ. අපි දෙන්නා ෆිල්ම් එකක් බලනවා. ගොඩක් අයට දැක්කම හිතාගන්න බෑ, මේ එකතුව ගැන.
 
රට හැර යයිද ?

මම හැමදාම ඈත් වුණා රටින්. දරුවාගේ අධ්‍යාපනය අවසන් වෙනකන් එයාට උදව් කරන්න හිතන් ඉන්නවා.
 
බොහෝ පිරිසක් ආදරය කරනවා?

මට හොඳ නැදෑ පිරිසක් ඉන්නවා. තාත්තාගේ අම්මාගේ පැත්තේ නැදෑයෝ. පුදුමාකාර විදිහට මා එක්ක බැදිලා ඉන්නවා. මට ආශිර්වාදයක් ඒක. ගෙදරින් එළියට බහිනවා කියන්නෙ මම ඩියුටි ඔන්, පාරේ දකින හැමෝම මගේ ජොබ් එක නිසා (ගායන වෘත්තිය) කතා කරනවා. වාසනාව උපරිමයෙන් තියෙනවා. ජීවිතේ හැලහැප්පීම් ඉතාම සුළු දේවල්. ලොකු ආදරයක් මැද සිද්ධ වෙන පුංචි දේ ඈත් කරනවා.