ජනප්‍රිය සුරූපී නිලි හර්ෂි අංජුමාලා කාටත් හොරෙන් යුග දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි කාලෙම රියැලිටි වැඩසහටනකට සම්බන්ධ වෙලා ඊට පස්සේ රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට එකතුවුණු අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියලා කියන්නේ. ඉතින් රංගන ශිල්පිනියක් පමණක් නෙමෙයි ඇය මේ වෙද්දී නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ සිඳූ ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනා ගත්ත ඇය ඉන්පසුව සහෝ චිත්‍රපටයටද රංගන දායකත්වය ලබා දීලා තියනවා.

කොහොම නමුත් අපි මේ කියන්නට යන්නේ ඇයගේ ජීවිතේ ඇය සැබෑ කරගත් තවත් සුන්දර සිහිනයක් ගැනයි. ඉතින් ඒ තමයි පහුගිය 20වනදා ඇය කඩවසම් තරුණයෙක් සමඟින් යුග දිවියට එලබිලා තිබුණා. ඉතින් ඇය විවාහවෙලා ඕස්ට්‍රේලියාවට යන්නලු හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඇයට විවාහ යෝජනාවක් මාර්ගයෙන් තමයි ඔහුව මුණගැහිලා තියෙන්නේ. ඉතින් ඇය රඟපෑ ‘නොමැකෙන මතක’ කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු ගෙදර අයිති ඔහුගේ දආදරණිය සැමියාගේ ආච්චිටලු.

ඉතින් රූගත කිරීම් කරන අතරතුරේ ඒ ආච්චිලු ඇයගේ අම්මා එක්ක කතා කරමින් ඉඳිද්දී මේ විවාහ යෝජනාව කරලා තියෙන්නේ. ඉතින් ඇය රෑගත කිරීම්කරලා එළියට එද්දී ඇයට විවාහ යෝජනාවකුත් ඇවිත් තිබුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ වෙද්දිත් ඔහු හිටියේ ඕස්ට්‍රේලියාවේලු. ඉතින් ඊට පස්සේ ඔහු ඇයව බලන්න ලංකාවට ආවාලු. ඉතින් දැන් ඔවුන් මුණගැහිලා අවුරුදු දෙකකටත් වැඩියි කියලත් ඇය කියනවා. ඒ වගේම නොමැකෙන මතක ඇයට අපූරු මතකයක් ලබලා දුන්නා කියලත් ඇය සතුටින් පවසනවා.

ඉතින් කාලයක් තිස්සේ ආදරයෙන් හිටපු මේ ආදරණීය යුවල මේ විදිහට සුබ මොහොතින් විවාහ දිවියට එලබිලා තිබුණා. ඉතින් අපිත් මේ ආදරණීය යුවලට හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ විවාහ ජීවිතය වගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.