ජනප්‍රිය නිළි සුධීක්ෂා සමාධි සුරතල් පූසා ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුධීක්ෂා සමාධි කියන්නේ ඉතා සුළු කලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වුණු තරුණ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. හිරු නාළිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වෙන දිවිතුරා හී රෙහානාගේ චරිතයට පණ පොවන්නේද ඇයයි.

පසුගිය ඉරිදා හිරු කොපිචැට් වැඩසටහනට හැමෝම දන්න ‍රෙහානා එකෙමත් නැත්නම් සුධීක්ෂා සමාධිත් සහභාගි වුණා. වැඩසටහන අතරමැද කොපිචැට් මැදිරියට අලුත් අමුත්තෙක් ඇවිත් හිටියා. ඒ තමයි සුධීක්ෂාගේ සුරතල් පූසා. වැඩසටහනේදි ඇය තමන්ගේ පූසා ගැන පැවසුවේ මෙවැනි අදහසක්...

"මෙයා හිමාලයන් කෙනෙක්. මෙයාගේ නම වූෆි.. අපි කතා කරන දේවල් එයාට තේරෙනවා. මෙයා තමයි සිංහල කතා කරන එකම පූසා. එන පූසො නම් මෙහෙම වැඩසටහනකට ආවාම දඟලනවානේ. ඒත් මෙයා එහෙම නැහැ. මෙයා ගොඩක් අහිංසකයි. මම පූසෙක්ට ගොඩක් ආසාවෙන් හිටියා. මෙයාව බලන්න ගියාම මට මුළින්ම ආසා හිතුණේ නැහැ. දෙවෙනි දවසෙත් බලන්න ගිහින් ගන්න පූසෙක් නැතිකමටයි මෙයාව අරන් ආවේ. මෙයා මාත් එක්ක ශූටින්ග් යනවා. මම ගෙදර නැති වුණාම එයා ටිකක් අසනීප වෙනවා."