ජනප්‍රිය නිළි ලෝචනා පුතුගේ උපන්දිනයට ලියූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැමෝම ආදරේ කරන ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෝචනා ඉමාෂි කියන්නේ. ලෝචනා මේ දවස්වල ඉන්නේ නෙදර්ලන්තයේ ඇගේ පවුලේ අය එක්ක.

ලෝචනා විවාහ වුනාට පසුව කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වුණත් ඇය හොඳ බිරිඳක් සහ මවක් හැටියට පවුලේ අය එක්ක ආදරෙන් ජීවත් වෙනවා. ලෝචනා පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. පුංචි පුතාගේ නම නෙදුල. අද නෙදුලගේ උපන්දිනය.

පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් ලෝචනා තමන්ගේ ෆේස්බුක් ගිණුමට සුබපැතුමක් එක් කරන්න අමතක කළේ නැහැ.

පහත දැක්වෙන්නේ ඇය පුතාට සුබ පතලා ලියපු සටහන,

"පුතේ ඔයාට තවත් අවුරුද්දක් වැඩි උනා. මගේ පිස්සු වැඩ වලට උදවු වෙන තරමට දැන් ඔයා ලොකු ලමයෙක්. මගේ එකම ශක්තිය ඔයා. තාත්තගේ පෙනුම තිබ්බට අම්මගෙ කේන්තියනන් ඒ වගේම පිහිටල තියනවා. තව ටිකක් ලොකුවෙන්න... මේ ලෝකෙ දිනන්න ඔයාට පුලුවන්න පුතේ. අපි හැමෝම ගොඩක් ආදරෙයි ඔයාට. your future looks so bright.we’re incredibly proud of you. nedula wishing your day filled with happiness and a lifetime filled with love

HAPPY BIRTHDAY MY Love"