ජනප්‍රිය නිළි නිරෝෂා තලගල අලුත්ම නැටුමක් නටන්නේ කාත් එක්ක ද?
චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ විචිත්‍ර චරිත හරහා ඔබ හමුවට එන රංගන ශිල්පිනියක් ලෙස නිරෝෂා තලගලව හඳුන්වන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක් ලෙසත් නිරෝෂා කටයුතු කරනවා.
නිරෝෂා පසුගියදා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඡායාරූප පෙළක් සමඟ ගීතයක පද පේළියක් පල කරලා තිබුනා. ඒ පඳ පේලිය මෙසේයි.
"සැකයකි මතුවූ දිව්රුම්පලේ,
නොකිලිටිකත සැලුනයි සෝකයෙන්,
මායාවෙන් නොව මහා සම්මතෙන්,
වලකාලනු මැන ඇය අවමානයෙන්,
ඉගිලෙන්නම් මං ලකේගලෙන්,
ඉගිලෙන්නම් මං,
ලකේගලෙන්,"
මෙය ගායනා කරන්නේ ආචාර්‍ය නනදා මාලිනී විසින්. ඇගේ ගීතයක රූප රචනාවකට නිරෝෂා සහ ඇගේ සහායක නර්ථන ශිල්පියා අලංකාර රැඟුමක් ඉදිරිපත් කරලා. නන්දා මාලිනියගේ ගීතයකට නර්ථනයෙන් සහ රංගනයෙන් දායක වීම ගැන නිරෝෂා සතුටු වෙන බව එහි විශේෂයෙන් සඳහන් කරලා තිබුනේ මෙසේයි.
"ඔබ ඇසුරේ ,
ඔබේ නිර්මාණයක පෙනී සිටීම මා ලද භාග්‍යයකි.
නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා"
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙල.