ජනප්‍රිය ගී රැසක් ලියූ, ප්‍රවීණ ගීත රචක හෙක්ටර් විජේසිරි දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ ගීත රචක හෙක්ටර් විජේසිරි ඊයේ දින අභාවප්‍රාප්ත වුණා. ඉතාමත් ජනප්‍රිය ගී රැසක් රචනා කළ ඔහු ගැන මතක අලුත් කරමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු සටහන් රැසක් දක්නට ලැබුණා.
මේ සටහන ද එවැනි එකක්.
ප්‍රවීණ ගීත රචක හෙක්ටර් විජේසිරි මහතා අද දින අභාවප්‍රාප්තව ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. 1938 ජූලි 25 වන දින උපන් ඒ මහතා එක් පුතණුවකගේ පියෙකු විය. ගුවන් විදුලි සරළ ගීත චිත්‍රපට , වේදිකා නාට්‍ය ගීත ඇතුළුව ගීත විශාල ප්‍රමාණයක් එතුමා විසින් ප්රබන්ධනය කර ඇත.
එතුමා ධනපාල උඩවත්ත ගායන ශිල්පියාට පමණක් ගීත 43 ක් රචනා කර ඇත. ඒ අතර මා ආදරණීය මගේ අම්මා වෙතටයි , නෙළුම්විලේ නෙළුම් නෙළන , රෝසමලක් වගේ තිබුණ , ගින්දර පිටවෙන්නට තාරපාර , මැණිකේ නඟා, කළුවර බුරුත කඳන්, ඉන් කීපයක් වූ අතර , චන්ද්‍රලේකා පෙරේරා ගායන ශිල්පිණිය ගැයූ කිරි අම්මාවරු දනට වඩිනවා, ඩෙස්මන් ද සිල්වා ගැයූ විලිසොන් මාස්ටර්ගේ සර්පිනාව , රොහාන් ද සිල්වා ගැයු අශා මල් පීදේ ගීතය ද ඇතුළුව එච් ආර් ජෝතිපාල , ලතා - ධර්මදාස වල්පොල , පෝල් ප්‍රනාන්දු , නන්දා මාලනී, ටී.එම් ජයරත්න , මිල්ටන් මල්ලවආරච්චි ,ගුණදාස කපුගේ ,මොහිදින් බෙග් ඇතුළු ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයකට හෙක්ටර් මහතා ගී පද රචනා කර ඇත.
රෝදය , පෙම්මල් මාලා , අලිබබා සහ හොරු 40, හලෝ මයි ඩාලිං, රන්කෙවිට , සර් ලාස්ට් චාන්ස්, මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි ආදි චිත්‍රපට සඳහාද ඔහු විසින් ගීත ප්‍රබන්ධන කර ඇත.
මේ වන විට දේහය , අංක 74 , චකින්දාරාම පාර , රත්මලාන ලිපිනයේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර , අවසන් කටයුතු එළැඹෙන 28 වන බදාදා සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
2022 සැප්තැම්බර් 26.