ජෙන්ටිලිමන් ලව් කියලා මගේ චිත්‍රපටයක් එන්න තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු රුවන් පෙරේරාට මෙවර සාරවිට තුළින් අපි ඉඩක් වෙන් කළා. නුදුරේම තවත් ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂක ඔබට ඔහුව දැක ගත හැකි වෙන අතර, ඉදිරි කලා කටයුතු ගැන අප ඔහුගෙන් මෙසේ අදහස් විමසුවා.

අලුත් කලා නිර්මාණ කිහිපයක්ම ඔබගේ එන්න තියෙනවා නේද?

ඔව්, පසුගිය කාලේ මම ජෙන්ට්ලිමන් ලව් කියලා චිත්‍රපටයක රඟපෑවා. එහි මාත් සමග මේනකා, හිරුණි දෙන්නත් රඟපානවා. මේක හාස්‍යය මුසු වෙච්ච ආදර කතාවක්. මම හිතනවා ඉතා ඉක්මණින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි කියලා.

ටෙලි නාට්‍යය පැත්තෙන් මොනවද අලුතෙන් කරපු වැඩ?

ටෙලි නාට්‍යය කිහිපයකම පසුගිය කාලේ සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට අමතරව අතිශය ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යය දෙකක ඉදිරි කොටස්වලට මේ දිනවල සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ ස්වර්ණවාහිනියේම විකාශය වුණ හාර කෝටිය හා නාඩගම්කාරයෝ කියන ටෙලි නාට්‍යය දෙක.

රුවන් කියන්නේ ජනප්‍රිය චරිතයක්ද?

ලැබෙන රසික ප්‍රතිචාර මත හිතෙනවා මට මිනිස්සුන්ගේ යම්කිසි අවධානයක් තියෙනවා කියලා. හැබැයි මට කියන්න බැහැ මම ජනප්‍රියද නැද්ද කියලා. ඒක අපේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ තමයි කියන්න ඕනා. නමුත්, මම අර පෙර කිව්වා වගේ ලැබෙන රසික ප්‍රතිචාර මත හිතෙනවා මම යම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තියෙනවා කියලා.

පසුගිය කාලේ නම් කරපු ජනප්‍රිය ලැයිස්තුවල හැබැයි රුවන්ට තැනක් තිබ්බේ නැහැ?

ඒක මටත් ගැටළුවක්. නමුත්, මම ඔය සමික්ෂණ ගැන ලොකුවට හිතන කෙනෙක් කෙනෙක් නෙමෙයි. මම ලංකාවේ තියෙන හොඳම සම්මාන උළෙලවල් වලදි හොඳම නළුවා වගේම ජනප්‍රිය නළුවා සම්මානය දිනාගත්තු රංගන ශිල්පියෙක්. මෑත කාලයේ නිකුත් කරපු ජනප්‍රියම නළුවා ලැයිස්තුවල මම නැහැ.  මම දන්නේ නැහැ මේ ලැයිස්තු සාර්ථක ඒවාද කියලා.

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ඔබ කාලයක් වෙනවා නේද?

දශක දෙකක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත ටෙලි නිර්මාණ 30කට වඩා වැඩි ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. හොඳම නළුවා, ජනප්‍රිය නළුවා සම්මාන දිනාගෙන තියෙනවා. මම හිතනවා ඉතින් රංගන ශිල්පියෙක් විදිහට මම අද වෙන කොට සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා.

බුද්ධික සේනාධීර