ජාතික ගීය නිසා සිත් රිදවීමට ලක් වූවන්ගෙන් සමාව ඉල්ලා ’’උමාරා’’ගෙන් ලිපියක්. හිතාමතාම විකෘති කලාදැයි
තරඟාවලියේ ආරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් සහ සමාජ ජාලා තුලින් විවේචනයන් රැසක් එල්ල වුනා. ඇය එහිදී වචන උච්ඡාරණය කරන ලද ආකාරය සම්බන්ධව ගැටළු සහගත බවක් උද්ගත වී ඇති බැවින් ඒ ගැන ඇය අවධනය යොමු කර ඇති බවයි ලිපියේ සඳහන් වී තිබෙන්නෙ .
කිසිවිටෙකත් ජාතික ගීයේ වචන විකෘති කිරීමටවත් කිසිදු ආකාරයක වැරදි අර්ථකතනයක් සැපයීමටවත් තමා අදහස් නොකල බවයි ඇය වැඩි දුරටත් ලිපියෙහි සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත් මේ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි අගමැතිවරයා නියෝග කර තිබෙනවා.