ජැක්සන් ඇන්තනීගේ දැන් ඇත්තම තත්ත්වය බිරිඳ පළමුවරට හෙළි කරයි
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. ජැක්සන්ගේ හදිසි අසනීප තත්ත්වයත් එක්ක ඇය ඉන්නෙත් බොහෝම ලොකු කම්පනයකින්. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇය පළ කළ අදහස් කිහිපයකි මේ.
"ඇත්ත කතාව මේකයි.. ඔහු සුව වෙමින් ඉන්නවා! හැබැයි ඒකට සෑහෙන කාලයක් යන බව පැහැදිළියි. වෛද්‍යවරු එහෙම කියනවා. ජාතික රෝහලේ කාර්‍ය මණ්ඩලය ලොකු කාර්‍යබාරයක් කරනවා ඔහු වෙනුවෙන්..."
යූටියුබ් හි පැතිර යන ව්‍යාජ පුවත් ගැනත් කුමාරි මුණසිංහ මේ විදිහේ කතාවක් කිව්වා.
"මේ යූටියුබ් කරන අය කීයක් හරි හොයාගන්න වෙන්නැති මෙහෙම කරන්නෙ. ජැක්සන් මේ වගෙ තැනකට එන්න කාපු කට්ට මම දන්නවා. මේවට මගේ සතුටක් නෑ ඇත්තටම.. මම හිතන්නෙ ඔහු පෙර සංසාරේ කවදා හරි අකුසල කර්මයක් කරන්න ඇති. ඔහු ඒ අකුසල කර්මය කරද්දි මම සෑහෙන උදව් කරලා තියනවා. ඒකයි මමත් මේ තැවෙන්නේ.."