චාමර වීරසිංහ නමින් බොරු මැසේජ් වගයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා
චාමර වීරසිංහ. එහෙමත් නැත්නම් හදවතේ ගායකයා. ඔහු තරමක අසනීප තත්වයකින් පසුවන බව සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා. කෙසේ නමුත් ඔහු පවසන පරිදි දැන් ඔහුට සුවයි. නමුත් මේ කතාව ඔහුගේ අසනීපය මාර්ගයෙන් මුදල් උපයන්න කළ වැඩක් ගැනයි.
"පුළුවන් තරම් share කරන්න. මගේ නමින් fake account හදාගෙන, මෙහෙම සල්ලි ඉල්ලන කිසිම කෙනෙක්ට රැවටෙන්න එපා. අනිත් හැමෝටම කියන්න. මම දැන් හොඳින්. ලබන සතියේ ලංකාවට එනවා.. ආයෙමත් කියන්නෙ මේ වගේ බොරු කාරයන්ට රැවටෙන්න එපා.." යනුවෙන් චාමර වීරසිංහයන් ෆේස්බුක් සටහනක් තබා තිබුණේ එලෙස මුදල් ඉල්ලූ ෆේස්බුක් චැට් එකක්ද සාක්ෂි ලෙස දක්වමින්.