චන්දීප ජයකොඩිගේ ආදරණීය සුන්දර බිරිඳ දේශකී කළා තරු වටකරන් ඇයගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ලාංකීය සංගීත ක්ෂේත්‍ර තුල සදා නොමැකෙන නමක් රැන්දූ සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි එඩ්වඩ් ජයකොඩි මහතා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි එතුමන්ගේ ආදරණීය බිරිඳ චරිතා ප්‍රියදර්ශනී කියලා කියන්නෙත් කවුරුත් දන්න කියන දක්ෂ ප්‍රවීණ සම්මානනීය ගීත කෝකිලාවියක්.

ඉතින් මේ රටක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පීන් යුවලගේ එකම ආදරණීය පුතු වන චන්දීප ජයකොඩි පහුගිය දවසක සුබ මොහොතින් විවාහ දිවියට එලඹුණා. ඉතින් ඒ ගැන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඒ වගේම මවගේ සහ පියාගේ දක්ෂතා උපතින්ම හිමිකරගත් ඔහු තාරුණ්‍යයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායකයෙක් කිවුවොත් හරියටම හරි.

ඒත් එක්කම ගායනයට අමතරම චන්දීප රංගන ශිල්පියෙක් විදිහටත් අපට දැකගන්න ලැබෙනවා. ඉතින් පෞද්ගලික ජීවිතේත් කළා ජීවිතෙත් සමබරව පවත්වාගෙන ඉතාම සාර්ථක ගමනක් යන ඔහුගේ ආදරණීය බිරිද තමයි දේශකිද සිල්වා කියලා කියන්නේ.

ඉතින් මේ සුරූපී සුන්දර තරුණියගේ උපන්දිනය පහුගිය දවසක් යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝම වගේම කළා තරු කිහිපදෙනෙකුත් එකතු කරගෙන බොහොම ලස්සන උපන්දින සාදයක් ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.