චන්දීපගේ මල් කුමාරි වුණු චතුරිකා පීරිස්ගේ දියණිය ආරාධනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකේ කලා පවුල් අතර පීරිස් පවුල කියන්නේ කලා ශිල්පීන් ශිල්පිනියන් රාශියක් බිහි කරපු පවුලක්. පසුගිය සතියේ මේ පවුලෙ විවාහ මංගල්‍යයක් පැවැත්වුණා. ඒ චන්දීප සහ දේශකීගේ විවාහ මංගල්‍යය. මේ විවාහ මංගල්‍යයේ මල් කුමරියක් වුණේ කවුද දන්නවාද?
එඩ්වඩ් ජයකොඩිගේ සහ චරිතා ප්‍රියදර්ශනීගේ ආදරණීය පුත් චන්දීප ජයකොඩිගේ විවාහය පසුගියදා පැවැත්වුනා. මේ විවාහ මංගල්‍යයේ මල් කුමාරියක් වුණේ අපි කවුරුත් ආදරේ කරන චතුරිකා පීරිස්ගේ ආදරණීය දියණිය ආරාධනා.

චරිතා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වුණු ආරියදාස පීරිස්ගේ දියණිය. ආරියදාස පීරිස්ගේ බාල සොහොයුරා වන්නේ ජයන්ත පීරිස්. ඔහුත් ප්‍රවීණ සම්ප්‍රවේශකවරයෙක්. ඔහුගේ වැඩිමහල් දියණිය වන්නේ චතුරිකා පීරිස්.

ඒ අනුව චතුරිකා පීරිස් සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් යනු එකම පවුලේ නැගණියන්.

පහත දැක්වෙන්නේ චූටි ආරාධනා චන්දීප ජයකොඩිගේ මල් කුමරියක් විදිහට ඉන්න ඡායාරූප.