චූටි මැණික, තාත්තිගෙ මූණ චිත්ර පොතක් කරලා වගේ, ධනංජයගේ පුංචි සිත්තරාවිය කරපු වැඩේ
මෙහෙම අපූරු සටහනක් එක්ක හරිම ආකර්ෂණීය රූ එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණේ ධනංජය සිරිවර්ධන. චූටි දූට තාත්තිව චිත්ර පොතක් කරගන්න හිතිලා වගේ. මූණ පුරාම රෝස පාට ඉරි.
තාත්තිගෙයි දූගෙයි මේ ආදරේට කාගෙනුත් ලැබිලා තිබුණේ ඒ තරම්ම ආදරණීය ප්රතිචාර ගොඩක්.
දූගෙ හුරතල් මූණයි, චිත්ර පොතක් වුණු අපේ ජනප්රිය රංගන ශිල්පි ධනංජයගෙ රූ එකතුවටයි කවුරුත් ආදරේ හිතෙන ප්රතිචාර තබා තිබුණා.
බලන්නකො ඉතින් මේ හුරතලේ දැක්කාම ආදරේ නොහිතෙන්නෙ කාටද කියලා.