චූටි දෝණිගේ උපන්දිනය සැමරූ ජනප්රිය නිළි තිළිණි පෙරේරා
ජනප්රිය රංගන ශිල්පිනි තිළිණි පෙරේරාගේ හුරතල් දෝණි ගෙවුණු දවසක එයාගේ පළවෙනි උපන්දිනය සමරලා තිබුණා. ඒ වෙනුවෙන් සොඳුරු සාදයක් ද හරි ලස්සනට පවත්වලා තිබුණා. දෝණිගේ උපන්දිනය දා තිළිණි පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් ද මේ විදියට එකතු කර තිබුණා.
"අපේ පුංචි රෝස මලට අදට අවුරැද්දක් වෙනවා. හිතාගන්න බෑ පැටියෝ ඔයා අපි ලගට ඇවිත් අවුරැද්දක් ගියාද කියලවත්. දෙවියන් වහන්සේට ස්තූතියි මගෙ ලෝකේ ආදරෙන් පුරවන්න මේ චූටි මැනිකව මගෙ ලගට එව්වට ඒ වගේම මව් පදවියෙන් මාව ආශිර්වාද කලාට හොද යහපත් ගතිගුන පිරැනු විශේෂයෙන් මනුස්සකම පිරැනු දරැවෙක් වෙලා මේ සමාජෙට ආදරෙ මනුස්සකම පතුරවන්න පුලුවන් දරැවෙක් වෙන්න මගෙ දුවේ. ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ සුදු මැනික! "