ගෙවුණු උපන්දිනය වෙනුවෙන් පියුමි කරපු පිංකම
ජනප්‍රිය නිළි පියුමි බොතේජුගේ උපන්දිනය පහුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් හතර වටින් ගලා ආ සුබපැතුම් රැසක් දැකිය හැකි වුණා. ඇය ඒ දවස ගතකර තිබුණේ උතුම් පින් කටයුත්තකට සහභාගී වෙමින්. ඒ ගැන සටහනක් ද ,ඡායාරූප එකතුවක් ද සමාජ මාධ්‍යයට එකතු කරන්න ඇය කටයුතු කරලා තිබුණා.
"මගේ උපන්දිනය වෙනුවෙන් අරංගල රිදී දේවාල විහාරස්ථානයේ පැවැත්වූ පිංකම. අප විහාරස්ථානයේ නායක රිපුලානන්ද ස්වාමින්වහන්සේ ගේ මග පෙන්වීම යටතේ ගම්වාසින් සියලු දෙනාගේ උපකාරයෙන් සුන්දර පිංකමක් පැවැත්වීමට හැකිවුනා. ධර්මදේශනාව සදහා වැඩමවා වදාළ ගරුතර හිගුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝයුෂ ලැබේවා...."
"ආදරණීය ඔබේ සුබ පැතුම මගේ උපන්දිනය සුවිශේෂි උපන්දිනයක් කලා. ඔබේ ආදරය මට මහමෙරක් වගේ, මේ මගේ වත්කම තවමත් ඔබේ සුබ පැතුමට පිළිතුරු ලියන ගමන්. මේ තරම් ආදරයක් ලබන්න මම බොහෝ සෙයින් පිං කරන්නට ඇති. ඉතින් ස්තුතියි ඔබ සැමට ඒ ආදරය පිරුණු සුබ පැතුමට."