ගයියයි පූජනියි එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා ගැන දැන් හැමෝම දන්නවා. මේ දෙදෙනා දැන් පෙම්වතුන් කියලා කලා ක්ෂේත්‍රයට වගේම ඔවුන්ගේ රසිකයන්ටත් රහසක් නෙවෙයි. ගයාන් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය හරහා දකින්න පුළුවන්. ඒ වගේම පූජනීව ස්වර්ණවාහිනියේම අළුතෙන් විකාශය වන 'මැස්සා' ටෙලි නාට්‍ය තුළින්ද දකින්න පුළුවන්.

මේ කියන්න යන්නේ මේ දෙදෙනා එකතු වෙලා කරන්න යන අළුත්ම වැඩේ ගැන. ගයාන් ගුණවර්ධනගේ පියා එහෙම නැත්නම් නුවන් ගුණවර්ධන ගායනා කළ 'කඳුලින්ම ගැයූ' ගීතයට අළුත් හැඩයක් දෙන්න ගයාන් සහ පූජනී මේ දිනවල සූදානම් වනවා. එහි ප්‍රචාරක දැන්වීමක් ඔවුන් සිය ෆේස්බුක් පිටුවලට එක්කොට තිබුණා.