ගයාන් ගුණවර්ධනගෙන් රසිකාවියකට සැර පිළිතුරක් ? බලන්නකෝ වෙච්ච දේ
නමින් ගයාන් ගුණවර්ධන වන ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ පුතණුවන්. තමන්ට අනන්‍ය හඬකින් රසිකයින් වසඟයට ගත්ත ගයාන්, අනතුරුව පුංචි තිරයටත් පිවිසෙනවා. "හුස්මක් තරමට" නාට්‍යටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගයාන් ගැන වැඩිපුර ම කතාබහක් ඇති වෙන්නෙ ඔහු කාවින්ද්‍යා අධිකාරි සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාවය නිසයි. නමුත් කාලයත් එක්ක මේ දෙන්නා වෙන් වෙනවා.
ගයාන් දැන් කල් ගෙවන්නෙ පූජනී භාග්‍යා එක්ක. හැබැයි "අපි හොඳ යාලුවෝ විතරයි" කියලයි ගයාන් නම් කියන්නෙ. කොහොම වුණත් කාලයෙන් වැළලුනු සම්බන්ධකම් අදටත් බොහෝ රසිකයින් ගයාන් ට මතක් කරලා දෙනවා. පසුගිය දවසක ගයාන්ට එහෙම සිදුවීමක් වුණා.
"කවී පව්" කියලා දාපු කමෙන්ට් එකකට ගයාන් අපූරූ උත්තරයක් දීලත් තිබුණා.