ගයාත්රිගේ දුව ලොකු කඩඉමක් පසු කරයි
ගයාත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ගයාත්‍රි - චන්න විවාහය ගැන හැමෝම දන්නවානේ. ගයාත්‍රි සහ චන්නට දූවරු දෙදෙනෙක් ඉන්නවා. පෞද්ගලික ජීවිතයේ සිදුවුණු වෙනස්කම් එක්ක චන්න ඉන්නේ වෙනමමයි. කෙසේවෙතත් ගයාත්‍රි සහ චන්නගේ වැඩිමහල් දියණිය මලීෂා පසුගිය දා ඇගේ ජීවිතයේ විශාල කඩඉමක් පසු කරන්නට සමත් වුණා. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිය උපාධිය ලබාගෙන තිබෙනවා. මෙම විශේෂ අවස්ථාවට ගයාත්‍රි මෙන්ම චන්න පෙරේරාත් සහභාගි වී තිබුණා.