ගිනිගත් රට ගැන, ඇය තැබූ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ලංකා ඉතිහාසයේ හැමදාමත් දේශයේ පාලකයින් අහිංසක රට වැසියාට එල්ල කල ලොකුම ආයුධය භේද කරවීමයි...." දැන් පවතින්නේ අරගලයේ උච්ඡතම අවස්ථාව. නොසිතූ ලෙස අරගලය වෙනම පැත්තකට යන්න පටන් ගත්තා. හැමෝම කතා කරන්නෙ ඒ ගැන. මේ ජනප්‍රිය රංගන ශිල්පිනී සුජානි මේනකා අරගලය ගැන තැබූ සටහනක්.

ඔවුන් අපි අපිවම අවුලවලා අපිව කෝප කරවල අපේ අවධානය වෙනස් කරන්න හදන්නේ. මේ වෙලාවෙ අපි කෝප ගන්නවා කියන්නේම අපි බුද්ධිමත්ව තීරන ගැනීම පසෙකලා හැඟීම් වලින් ක්‍රියාකිරීමයි. ආදරණීයීයනී මේ මොහොතේ බුද්ධිමත්ව ක්‍රියාකරන්න. අපි අපේ අවධානය වෙනස් කරගන්නා එක මොහොතකින් ඔවුන් මේ රටේ අහිංසක මිනිසුන් හට, අහිංසක මිනිසුන්ගේ ජීවිත වලට ලොකු ලොකු වෙනස්කම් රැසක් කරනවාමයි!

ලංකා ඉතිහාසයේ හැමදාමත්  දේශයේ පාලකයින් අහිංසක රට වැසියාට එල්ල කල ලොකුම ආයුධය භේද කරවීමයි. අප දැන්වත් මිතුරනේ එය වෙනස් කල යුතුයි. ඒ නිසා ඇවිලෙන්න එපා. අවුලන්න එපා. නිවෙන්න. නිවන්ත.