ගෙදර ඉන්න වෙලාවට නම් ගොඩක්ම කරන්නේ නිදාගන්න එක
කියා දෙන්න ආදරේ තරම් ඇතුළු ජනප්‍රියම ටෙලි නිර්මාණ කිහිපයකින්ම මේ දිනවල ඔබ දකින ඉෂංකා අබේසේකරට අපි මෙවර සාරවිට තුළින් ඉඩක් වෙන් කළා. තරුණ පිරිසගේ ආකාර්ෂණය නිරන්තරයෙන්ම දිනාගන්න සමත් රංගන ශිල්පිණියක් වන ඉෂංකා ඇය සිය දවස ගෙවන අයුරු අපට මෙසේ පැවසුවා.
ඔබේ දවස ආරම්භය සිදු වෙන්නේ කොහොමද?
රූපගත කිරිම් එහෙම තියෙන දවස්වලට නම් පාන්දර හතර පහ වෙන කොට මම නැගිටිනවා. එහෙම නැති දවස්වල මම කොහොමත් උදේ හයට කලින් නැගිටිනවා. මොකද, මම දැනටමත් ව්‍යාපාර කිහිපයක් කරගෙන යන නිසා උදේම නැගිටින එක දැන් පුරුද්දක් වෙලා මට.
උදෑසන ආහාර වේල මොන වගේද ඔබේ?
වතුර විදුරුවක් තමයි මම මුලින්ම බොන්නේ. මම තේ බොන්නේ නැහැ. උදේට ගොඩක් වෙලාවට මම උදේ ආහාර වේල ගන්නෙත් නැහැ.
විවේකිව ගෙදර ඉන්න කොට මුලික් අවධානය දෙන්නේ මොනවටද?
ගොඩක්ම කරන්නේ නිදාගන්න එක. මොකද, වැඩ කරන දවස්වලට මට නිදාගන්න ලැබෙන්නේ කාලය ගොඩක් අඩුයි. ඊට පස්සේ මුළු ගෙදරම මම අස්පස් කරනවා. ඒවා ඉවර කරලා ඉතින් චිත්‍රපටයක් හරි ටිවි සීරිස් එකක් හරි බලනවා.
ඉෂංකාට උයන්න පිහින්න පුළුවන්ද?
ඔව් මට රසට උයන්න පුළුවන්. ගෙදර ඉන්න දවසට මම උයනවා. විශේෂයෙන්ම මස් වර්ග. ඊට අමතරව පුඩ් සැලඩ් වගේ දේවල් මට හදන්න පුළුවන්. මගේ ආච්චි අම්මා වෙජිටෙරියන්. ඉතින් ඇයටත් අවශ්‍ය විදිහට මම කැම හදනවා. මගේ මල්ලි මම උයන කෑම කන්න ගොඩක් ආසයි.
ඇග හැඩ කරගන්න කායවර්ධන ව්‍යායාම්වල එහෙම ඔබ නිරත වෙනවාද?
යෝග ව්‍යායාම් කරනවා. මට ඉන්නවා යෝග ව්‍යායාම් උගන්වන ගුරුවරියක්. එයා හරහා යෝග ව්‍යායාම් මම ඉගෙන ගන්නවා. ගොඩක්ම මම මගේ ඇග හැඩ කරගන්න කැම තමයි පාලනය කරන්නේ. ඒ නිසා මගේ ඇග මහත් වෙන්නේ නැහැ කෙට්ටු වෙනවා.
මේ තියෙන ශරිරයේ හැඩයට ඉෂංකා කැමතිද?
මම ඉන්න විදිහට තමයි මම ගොඩක් කැමැති. මම ගොඩක් කෙට්ටු වුණොත් මම කැතට පේනවා. මොකද, මම උසින් අඩු කෙනෙක්. ඉතින් මම කැමැතියි මේ දැන් මට තියෙන පෙනුමට. ඒ හින්දා මේ ඉන්න පෙනුම මම දිගටම පවත්වාගෙන යන්න නිතරම උත්සාහ කරනවා.
බුද්ධික සේනාධීර