ගොඩක් ආස කෑම ජාති තිබුණත් මම ඒවා කන්නේ නැහැ
කලා ක්ෂේත්රය තුළ නිතරම කතාබහට ලක්වන කලා ශිල්පිණියක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. වර්තමානය වනවිට ජනප්‍රිය කලා ශිල්පිණියන්ගේ ලැයිස්තුවේද මුල් ස්ථාන අතර සිටින ඇය දැනට කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේද ඔබට දකින්නට ලැබෙයි. මෙවර සාරවිට තුළින් අප ඇයටද ඉඩක් වෙන් කළා.
ඔබට ලස්සන හිනාවක් තියෙනවා නේද?
ඔව්, ගොඩක් අය කියනවා මගේ හීනාව ලස්සනයි කියලා. සමහර අය කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. තවත් කට්ටියක් කියනවා මට ලස්සන ඇඟක් තියෙනවා කියලා. ඉතින් එක එක අයට මාව පේන විදිහ තමයි ඒ.
ටීනා ලස්සන වෙන්න මොනවද කරන්නේ?
මම වෘත්තියෙන් රංගන ශිල්පිණියක්. ඉතින් මම අනිවාර්යයෙන්ම මගේ ඇඟ මුහුණ ගැන හිතන්න ඕනා. මොකද අපේ වෘත්තියත් එක්ක බලන කොට ඒ දේවල් ලස්සනට තියාගන්න එක අපිට ගොඩක්ම වැදගත්. ලස්සන වෙනවට වඩා මම මුලිකත්වය දෙන්නේ මගේ සිරුරේ හැඩය හා මගේ සෞඛ්‍ය පැත්තට. ඉතින් ගොඩක් වෙලාවට මම මගේ කෑම පාලනය කරනවා. ගොඩක් ආස කරන කෑම තිබුණත් මම ඒවා කන්නේ නැහැ. පැණි රස කෑම, තෙල් හා පිටි කෑම ගොඩක් වෙලාවට කනවා අඩුයි. සම රැකගන්න වගේම එහි පැහැය එක විදිහට තියාගන්න, තව හිසකෙස් නිරෝගිව තබාගන්න විටමින් ජාති එහෙමත් මම පාවිච්චි කරනවා. නිතරම මේකප් දාන නිසා පේශල් වගේ දේවල් එහෙම මම කරනවා. බොහෝ වෙලාවට ලස්සන වෙන්න ඔය ටික තමයි මම කරන්නේ.
ඇගේ හැඩය තියාගන්න ඔබ ව්‍යායාම් කරනවද?
නිතරම වගේ මම ජිම් යන කෙනෙක් නෙමෙයි. අවස්ථානුකූලව තමයි මම ජිම් යන්නේ. මොකද, මගේ ඇඟ එහෙම ලොකුවට හැඩ කරගන්න අවශ්‍ය නැති නිසා. ගොඩක් වෙලාවට මම දුවන්න, ඇවිදින්න යනවා. ඒක තමයි මගේ ඇඟට දැනෙන ලොකුම ව්‍යායාමය කියලයි මම හිතන්නේ. ජිම් ගිහිල්ලා පිරිමි වගේ ගොඩක් ව්‍යායාම කරලා හදාගන්න තරම් මගේ ඇඟ එහෙම අවරූපීව පිහිටලා නැහැ. මට ඉතින් එහෙම හදාගන්න තරම් ඇඟක් නැහැ. මේ තියෙන ඇඟ මට ලස්සනයි. ඒක එක දිගට පවත්වාගෙන යන්නයි මට අවශ්‍යය කරන්නේ.
ඔබ කන්න කැමතිම කෑම ජාති තියෙනවද?
ගොඩක් ආස කෑම ජාති තිබුණත් මම ඒවා කන්නේ නැහැ. මොකද මම ගොඩක් වෙලාවට කෑම පාලනය කරන කෙනෙක්. දවසකට බත් කනවා නම් මම ඒක කෑම වෙලයි කන්නේ. අනිත් වෙලාවට ඔය ජූස් එකක් බිස්කට් එකක් වගේ පොඩි ආහාර වෙලක් තමයි ගන්නේ. මොකද, ඇඟ ගැන හිතන නිසා තෙල් හා පිටි කෑම එහෙම ගොඩක් අඩුවෙන් තමයි කන්නේ. හැබැයි වැඩිපුර කෑම කාපු දවසට මම ටිකක් වැඩිපුර ව්‍යායාම කරනවා.
ටීනා කියන්නේ ලස්සනට අඳින්න කැමති කෙනෙක්?
එහෙම විශේෂයක් නැහැ. මගේ ඇඟට ගැළපෙන, මාව ලස්සනට පේන ඇඳුම් මම අඳිනවා. තව යන තැන අනුව ඊට ගැළපෙන ඇඳුම් මම අඳිනවා. ඇත්තටම කියනවා නම් එහෙම මට ලස්සන නැහැ කියලා ඇඳුමක් නැහැ. මට ඕනා ඇඳුමක් ලස්සනයි. ඒකට හේතුව මට ලස්සන ඇඟක් තියෙන නිසා කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් මම එළියට ඇඳුමක් අඳිනවා නම් ඒක එකපාරයි අඳින්නේ. ඊට පස්සේ ඒ ඇඳුම මම ආයේ අඳින්නේ නැහැ. සාමාන්‍ය ගමන් බිමන්වලට නම් සාමාන්‍ය ඇඳුම් අඳිනවා. ඒවා නම් ඉතින් කාලයක් මම අඳිනවා.
නිදහසේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ?
පවුලේ අයත් එක්ක ගෙදර ඉන්න එක තමයි ගොඩක් වෙලාවට මම කරන්නේ. අතවශ්‍ය උපන්දින සාදයක් හරි ප්‍රිය සම්භාෂණ උත්සවයකට හරි යනවා ඇරෙන්නේ මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගෙවන එක. තව විවේකිව ඉන්න වෙලාවට යාළුවොත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යනවා. හැබැයි හැම වෙලාවෙම යන්නෙත් නැහැ එහෙම. මොකද මම ගොඩක් කැමතියි මගේ නිදහස සීමා කරගන්නේ නැතුව ඒක විඳන්න. ගෙදර කට්ටියත් එක්ක ඉන්න වෙලාවට තව චිත්‍රපට එහෙම බලනවා. ලංකාවේ චිත්‍රපටයක් නම් බලනවා මම අඩුයි. හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට තමයි බලනවා නම් බලන්නේ මම. ඊට අමතරව ඉතින් නිදාගන්න එක තමයි කරන්නේ. මොකද, මම කරන වෘත්තියත් එක්ක හැම වෙලාවෙම මම ඉන්නේ කාර්යබහුල වෙලා. සමහර වෙලාවට වැඩත් එක්ක මහන්සි වුණාම නිදාගන්න තියෙන කාලය පවා මට ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් ඒ මඟ හැරුණ නින්ද විවේකිව ඉන්න වෙලාවට මම ගන්නවා.
බුද්ධික සේනාධීර