ගොඩක් අය කියන්නේ මට තියෙන්නේ හුරතල් පෙනුමක් කියලා
වසර ගණනාවක් පුරාවට රූපවාහිනි නාළිකා කිහිපයකම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කළ සමුද්‍රා රණතුංග මෙවර සාරවිට අප සමග මෙසේ එකතු විය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියකට අමතරව නිරූපිකාවක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිණියක්ද ලෙසද වර්තමානයේ කටයුතු කරන ඇය කාගෙත් අවධානය දිනාගනු ලැබුවේ ජනප්‍රිය රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහාය.
සරාගි පෙනුමක් නේද ඔබට තියෙන්නේ?
මට තියෙන පෙනුම ඉතින් තිරණය කරන්නේ මාව දකින අය තමා. හැබැයි ගොඩක් අය නම් කියන්නේ මට තියෙන්නේ හුරතල් පෙනුමක් කියලා. මටත් එහෙම හිතෙනවා. ඒත්, පොඩ්ඩක් විතර සරාගි පෙනුමකුත් මට තියෙනවා.
සමුද්‍රාට ලස්සන හිනාවක් තියෙනවා නේද?
ඔව් කට්ටිය කියනවා මගේ හිනාව ලස්සනයි කියලා. මටත් එහෙම හිතෙනවා. හිනාවට අමතරව මට ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා මට හිතෙනවා. මගේ ශරිරයට ගැළපෙන හොඳ උසකුත් මට තියෙනවා. මගේ උස අඩි පහයි අඟක් අටක්. ඒ හරහාත් මගේ ලස්සන ඉස්මතු වෙනවා.
ඔබ මොන වගේ ගතිපැවතුම් තියෙන කෙනෙක්ද?
මම සමාජශිලි කෙනෙක්. ඉස්සර නම් මම වැඩිය තරහා ගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් නම් ටිකක් විතර මට තරහා යනවා. ඒ වගේම මම ගොඩක් කතා කරන කෙනෙක්. ඒක මට උපතින්ම ආපු දෙයක්ද කියලත් හිතෙනවා.
වෘත්තියක් විදිහට සමුද්‍රා කරන්නේ මොනවද?
නිරූපිකාවක් විදිහට තමයි මගේ වෘත්තිය මම පටන් ගත්තේ. පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කළා. අද වෙන කොට සැලෝන් සමුද්‍රා කියලා මගේම රූපලාවන්‍යගාරය පවත්වාගෙන යනවා මම. ඊට අමතරව නිවේදන වැඩ කටයුතුත් කරගෙන යනවා.
ඔබට හොඳටම ගැළපෙන්නේ මොන වගේ ඇඳුම්ද?
ඇත්තටම මම හිතනවා මට ඕනැම ඇඳුමක් ගැළපෙනවා කියලා. ලස්සනට ඇඟ තියාගෙන ඉන්නවා නම් ඕනැම ඇඳුමක් ඕනැම කෙනෙක්ට හොඳටම ගැළපෙනවා. මටත් ලස්සන ඇඟක් තියෙන නිසා මම හිතනවා මට ඕනා ඇඳුමක් ගැළපෙනවා කියලා. ඒක කොටද දිගද කියන දේ අදාලා නැහැ. මගේ සිමාවන් ඇතුලේ මම යන තැන අනුව මම අඳින ඇඳුම තිරණය වෙනවා.
මවක් බිරිඳක් වුණාම විලාසිතා කරද්දි යම් සීමාවක් තියෙනවද?
බිරිඳක් මවක් වුණාට විලාසිතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විලාසිතා කරන්න ඕනා ඒ යන තැනට අනුව කියලයි මම හිතන්නේ. ඒ විදිහට විලාසිතා කරනවා නම් කාටවත් ගැටළුවක් නැහැ. අනික මම නිදහස් ජීවිතයක් ගත කරන්නේ. මේ කාලයේ අපි ජිවිතේ විඳින්න ඕනා. ඒ නිසා අපි කරන විලාසිතා කාටත් ප්‍රශ්නයක් වෙන්න නරකයි.
නිතරම කායවර්ධන ව්‍යායාම්වල ඔබ නිරත වෙනවද?
ඔව්, මම යන්නේ ෆිට්නස් කිංඩම් ගල්කිස්ස. සතියකට අවම මම දවස් තුනක් ඒකට යනවා. නලින් තමයි මට ව්‍යායාම් කරන්න පුහුණුව ලබා දෙන්නේ. යන හැම දවසකම වගේ මම පැය දෙකහාමරක් තුනක් අතර කාලයක් ව්‍යායාම් වෙනුවෙන් වැය කරනවා. ඇත්තටම මම හිතන්නේ මගේ ශරිරය සමබර කරගෙන යන්න මේ ව්‍යායම් කරන එක ගොඩක් වැදගත් වෙනවා. ව්‍යායාම් කරනවට අමතරව මම කරන දෙයක් තමයි කෑම පාලනය කරන එක. පිටි හා තෙල් වැඩිපුර අඩංගු කෑම නම් කනවා මම ගොඩක්ම අඩුයි.
පාසල් කාලය මතකද ඔබට?
ගොඩක් අය මගේ පෙනුමත් එක්ක අහන්නේ මම බාස්කට් බෝල් කණ්ඩායමේ හිටියාද නේට්බෝල් කණ්ඩායමේ හිටියද කියලා. හැබැයි මම කිසිම ක්‍රීඩාවක් නම් පාසල් යන කාලේ කළේ නැහැ. ඒ කාලේ ඇත්තටම මම ලැජ්ජශිලි කෙනෙක්. නමුත්, මම පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ හිටියා. ඒ හැරෙන්න පාසල් කාලයේ මම කිසිම බාහිර කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ.
උයන්න පිහින්න පුළුවන්ද?
ඔව්, මට රහට කෑම හදන්න පුළුවන්. විශේෂයෙන්ම කේක්, ෆිට්සා වගේ දේවල්. මම ගෙවන කාර්යබහුල ජිවිතෙත් එක්ක හැබැයි විවේකය නම් මට ගොඩක්. ඒත්, ඉඩ ලැබෙන වෙලාවට මම මේ වගේ කෑම හදනවා.
අපි හැමෝටම හීන තියෙනවා නේ සමුද්‍රාගේ හීනේ වුණේ?
පුංචි කාලේ ඉඳලා මගේ ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. එහෙම නැත්නම් මම අද වෘත්තියක් විදිහට කරන නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න. මට මතකයි මම පොඩි කාලේ මිස් ශ්‍රී ලංකා තරගයක් බැලුවා. ඒ තරගය දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න කොට මම හිතුවේ කවදහරි මේ වගේ කෙනෙක් වෙනවා කියලා. ඒක තමයි මාව නිරූපණය ක්ෂේත්රයට එන්න ආසාව ඇති කරපු සිදුවීම වුණේ.
බුද්ධික සේනාධීර