කුසල් මධුරංග සමාජ මාධ්‍යයේ පුවත්වලට උත්තර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල සිනමාවේ හිතුවක්කාරයා, අමරිසිරි කලංසූරිය පසුගිය දිනෙක ජීවන ගමන නිම කළා. කලංසූරියගේ අභාවයෙන් පසු විවිධ සංවේදී සටහන් බොහෝමයකුත් මුහුණූ පොතේ හුවමාරු වුණා. ඒ වගේම තමයි, වර්තමාන පරපුරේ ජනප්‍රිය නළුවෙකු වන කුසල් මධුරංග සමඟත් කලංව බොහෝ පිරිසක් සංසන්දනය කර තිබුණා.

අනෝමා ජනාදරී ඇතුළු ඇතැම් පාර්ශව නම් මේ “සංසන්දනයට” සිය විරෝධය පළ කර තිබුණා. මේ අතර, කුසල් මධුරංග මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කියූ කතාවයි මේ.

ප්‍රවීණ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ වියෝව සම්බන්ධව මම මාගේ බලවත් ශෝකය පළකරමි. මම සහ කලංසූරිය මහතා සමාන කරමින් පුද්ගලිකව හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන නිරන්තර පළකිරීම් පිළිබඳ මට ඇත්තේ නිහතමානී සතුටක් මුසු ගෞරවයකි. නමුත් මේ දිනවල ව්‍යාජ තොරතුරක් සමාජ මාධ්‍ය ගොසිප් නාලිකා සහ පිටු මගින් ප්‍රචාරය වෙයි. එනම් මමත් එතුමාත් ඥාති පිය -පුතු වන බව යි. මමත් එතුමාත් අතර එවැනි කිසිදු ඥාති සම්බන්ධතාවයක් නොමැත. මා හට මාගේම පියෙකු ද වන අතර, කලංසූරිය මහතාට ඔහුගේ ම පුතෙකු ද ඇත. නමුත් ඉහත කී අසත්‍ය ප්‍රචාරය සමාජගත වීම සමඟ අප දෙපාර්ශ්වයටම එය මහත් අපහසුවක් වී ඇති බව ආද⁣රයෙන් ඔබට දැනුම් දෙමි. අමරසිරි කලංසූරිය මහතාගේ හිඩැස පිරවීමට කිසිවෙකුට හැකිවේ යැයි මම නොසිතමි. එතුමාට ත් දෙපාර්ශ්වයේ ඥාති හිතමිත්‍රාදීන්ට ත් අගෞරවයක් වන ලෙසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජ ගත නොකරන්න යැයි ද ඔබ සැමගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!

ඔබ හිතවත්,
කුසල්