කසුන් චාමිකරගේ මගේ පණ අහිසංකාවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස සුපර් ස්ටාර් රියලටි තරු මාවත හරහා ගායන ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන තරුවක් වන කසුන් චාමිකරගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ මගේ පණ අහිසංකාවි නමින්.

මේක ආදරය විරහාව කැටිවුණ ගීතයක්. ඒ නිසා තමයි පෙබරවාරි 14 වැනිදාට යෙදි තිබුණ ආදරවන්තයින්ගේ දිනයේදී මේ ගීතය එළිදක්වන්න කටයුතු කළේ. මගේ පණ අහිසංකාවි  ගීතය නිකුත් කරලා දැන් දවස් කිහිපයක් ගෙවුණත් අදටත් ඒ ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර අඩුවෙලා නැහැ. මම දැනට ගීත කිහිපයක්ම එළිදක්වලා තියෙනවා. නමුත්, ඒ ගීත එක්ක ගත්තොත් මෙහි වෙනසක් තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ගීතය ඉතා ආදරයෙන් රසවිඳින්න කියලා. කසුන් චාමිකර සිය අලුත්ම ගීතය ගැන අපිට දැක්වූයේ එහෙම  අදහසක්.

මගේ පණ අහිසංකාවි. ගීතය පද රචනා කර ඇත්තේ තරුණ රංගන ශිල්පියෙක් ලෙස අද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව සිටින සංජය වෙදරාච්චිය. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ සමීර වීරසිංහ. මගේ පණ අහිසංකාවි.. ගීතයට රූප රචනාව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ශියාස් ෆිල්ම් නිෂ්පාදන ආයතනය. ගීතයට රංගනයෙන් දායක වෙන්නේ සංජය වෙදාරාච්චි සමගින් රාධිකා ගුණවර්ධන දෙදෙනා.
මේ ගීතය මම ලියලා ඒක සමිර වීරසිංහට දුන්නා මියුසික් කරන්න. ඊට පස්සේ මම කල්පනා කළා මේ ගීතය දෙන්නේ කාටද කියලා. මේක මම මුලින්ම දුන්නේ රුක්මන් අසිතට. නමුත්, රුක්මන් කිව්වා මේකට මගේ හඬ ගැළපෙන්නේ නැහැ කියලා. ඔහුමයි යෝජනා කළේ කසුන් චාමිකර. මාත් කසුන් එක්ක වැඩ කිහිපයක්ම කරලා තිබුණ හින්දා මම ඔහුට කතා කළා මේ වැඩේට. ඔහු ගීතය දැක්ක ගමන් වැඩේට කැමති වුණා. ඇත්තටම මේ ගීතය ඉතා ඉක්මණින් නිර්මාණය වුණේ. පෙබරවාරි 14 වැනිදාට දවස් දෙක තුනක් තියෙද්දි තමයි ගීත රූප රචනාව රූපගත කළේ. කොහොම වුණත් මේ ගීතය ඉතාම සාර්ථක විදිහට අපිට නිමා කරලා පෙබරවාරි 14 වෙනකොට රසිකයින්ට නිකුත් කරන්න අපිට පුළුවන් වුණා. ගීතය ලියපු සංජය වෙදාරාච්චි මගේ පණ අහිසංකාවි.. ගීතය ගැන දැක්වූයේ එවැනි අදහසක්.

මේ ගීතයේ රූපගත කිරිම් කටයුතු සිදු කර ඇත්තේ පිළියන්ද සන්රිසෝට් හෝටලයේදී. ඇඳුම් සැපයිම රූත් ස්ටයිල්ස් ආයතනය විසින් සිදු කර ඇත. මගේ පණ අහිසංකාවි..ගීතය සාර්ථකව නිම කරගැනීමට කමන්ත පෙරේරා, දුලීකා මාරපන, සුජිව ප්‍රියලාල්, සංජුල දිවරත්න, ඉන්දික උදයන, සංජිව මද්දුමගේ, එරංග වීරසිංහ යන පිරිස විශේෂ සහයෝගයක් දැක්වූ බව සංජය වෙදාරච්චි අවසානයේ අපිට පැවසුවේය.

බුද්ධික සේනාධීර