කසුන්ට මාව ඕනේ කිව්වා... මටත් කසුන්ව ඕනේ’’ මාධවී වත්සලා පෙම්වතා ගැන කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල කලා ලොවේ හැමෝම කතාබහ කරන තාරකාවක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඇයගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකශ කිරීමත් එක්ක මේ දෙපළ ගැන හැමෝම කතාබහ කරන්න ගත්තා. මාධවී පෙම්වතා ගැන සමාජ මාධ්‍යවල විවිධ සටහන් පළ කරලා තිබුණා. මෑතකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි මාධවී පෙම්වතා ගැන පැවසුවා.

පහත දැක්වෙන්නේ ඇය පෙම්වතා ගැන පැවසූ දේවල්.

"එයා කසුන් මහෙන්ද්‍ර හීනටිගල... දැන් හැමෝම දන්නවා එයා මගෙ පෙම්වතා. ඔහු හැමදේටම මට සහයෝගය වෙනවා. මම වැටෙන තැන්වලදි වැටෙන්න එපා කියලා මාව නැඟිට්ටවන, මගේ අතින් අල්ලලා බලෙන් හරි ඇදලා ගන්නේ එයා. මට හරි සතුටුයි මට ඒ වගේ හයියක් ඉන්න එක ගැන. දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් එන කෙනෙකුට තමයි තේරෙන්නේ "නෑ නෑ මට ඔයාව ඕනේ" කියලා කියන කෙනෙක්ගේ වැදගත්කම කොච්චරක්ද කියලා. එහෙම තේරෙන්න මට ඔයාව එපා කියලත් කියන්න ඕනේ කවුරුහරි. ඒ නිසා කසුන්ට මාව ඕනේ කිව්වා. මටත් කසුන්ව ඕනේ. අපි සතුටින් ආදරෙන් ඉන්නවා. අපිට සුබපතන අයට බොහොම ස්තූතියි. අනිත අය ක්‍රමයෙන් තේරුම් ගනීවි..."