කවී අධිකාරි, අම්මයි තාත්තයි ගැන, හදවතින්ම කියූ දේ මෙන්න
කවී අධිකාරි කියන්නෙ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය. එහෙම වුණත්, තමන්ට ම අනන්‍ය හඬකින් රසිකයින් වසඟයට ගන්නට සමත් වුණු ඈ ඉතාමත් ටික කලකින් රංගන ශිල්පිනියක් විදිහටත් කරළියට එනවා.
සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ දකින්න පේන්න ඉන්න ඈ විවිධ ඡායාරූප සහ සටහන් එහෙමත් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා. ගෙවුණු දවසේ ඇය ඇගේ පියාගේ දුරකතන ඇමතුමක 'ස්ක්‍රීන්ෂොට්' එකකුත් 'ස්ටෝරි' වලට එකතු කරලා තිබුණා.
මේ තියෙන්නෙ ඇය තැබූ සටහනක්.
කොච්චර කල් ජීවත් උනා ද කියන එක නෙමේ වැදගත්.... කොච්චර කල් ජීවිතේ “විඳිමින්” ජිවත් උනා ද කියන එකයි වැදගත්...
ඔව්, ගොඩක් අය කියනවා, "අපිට කොච්චර කල් තියෙනව ද කියලා.." හැබැයි මම හිතන විදිහට, අපිට එහෙම මහ කාලයක් නෑ... මේ ඉන්න මොහොත පමණයි අන්තිමට ඉතුරු වෙන්නේ.
හෙට උදේ නැගිටිනකම් ම අපිට අපේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ තරම් ම අපේ ජීවිතය අස්තිරයි.
සතුටින්, ජීවිතේ විඳිමින් ජීවත් වෙන්න. වෛරය හිතින් තුරන් කරලා ජීවත් වන්න... ඒකෙන් අනුන්ට වගේම තමන්ටත් සැනසීමක් ඇතුව ජීවිතේ ලස්සනට ගත කිරීමට හැකියාව ඇති වේ...
-කවී-