කවිශ්කගේ ‘බෙර හඩ’ මියුසික් වීඩියෝව එළි දකී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක ගායන ශිල්පියෙකු වන විශාරද කවිශ්ක ඒකනායකගේ පළමු ගීත නිර්මාණය වන ‘බෙර හඬ’ මියුසික් වීඩියෝව පසුගියදා එළිදක්වනු ලැබීය. කවිශ්ක ඒකනායක විසින් පද රචනාකොට තනු නිර්මාණය කර ගායනය කරනු ලබන ‘බෙර හඬ’ සඳහා සංගීත අධ්‍යෂණයෙන් හා නාද සංකලයෙන් සංජුල හිමාල දායක වී තිබේ.

‘බෙර හඬ’ මියුසික් වීඩියෝව අධ්‍යෂණය හා කැමරාකරණය ඉරුක්ෂ බෝගොඩ විසින් සිදුකර ඇති අතර, නර්තන වින්‍යාසයෙන් සදීප මධුෂාන්, සංස්කරණයෙන් ආකේෂ් සඳුමාන්, සහාය අධ්‍යෂණ්‍ය විශ්වජිත් චානක්‍යද දායක වී ඇති අතර, රංගනයෙන් කවිශ්ක ඒකනායක දායක වී තිබේ. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති කවිශ්ක මේ වන විට මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරමින් සිටී.

නිරෝෂාන් ප්‍රේමරත්න