කවුරුත් වැඩිය දැකලා නැති, කමල් අද්දරආරච්චිගේ ආදරණීය බිරිඳගේ සේයාරූ පෙළක් මෙන්න
කමල් අද්දරආරච්චි කියන්නෙ රිදී තිරයේ අතිශය ආන්දෝලනාත්මක මෙන්ම වෙනස්ම විදිහේ චරිත නිරූපණය කළ අතිදක්ෂයෙක්. රංගනයට අමතරව ගීත ගායනයට ද ඔහු දක්ෂයි. කමල්ගේ ආදරණීය පුත්‍රයාත් පසුගිය දවසක යුගදිවි ඇරඹුවා. මේ අතර, කමල්ගේ ආදරණීය බිරිඳ අනුරාණිගේ උපන්දිනය වෙනුවෙන් ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ආදරණීය සටහනක් සමඟ සේයාරූ පෙළක් එක් කර තිබුණා.මේ තියෙන්නෙ ඒක.
මුව කමල අද්දර තිස්සෙම සිනාකැන් ගෙනෙන සවිය දිරිය රැව්දෙන උපන්දිනක් අනුරාණිට ...............................
මගේ අතිශය සමීපතම මිතුරෙකු මෙන්ම සම්මානිත ජනප්‍රිය සිනමා නළුවෙකු කමල් අද්දරආරච්චිගේ සදාදර ප්‍රිය බිරිඳ වන අනුරාණි තිසේරා අද්දරආරච්චි අද සිය උපන්දිනය සමරන්නීය.
2002 වසරේ කමල් සමග විවාහ වන මොහොතේ ඇගේ ඡායාරූප ගැනීමෙන් ඇති වූ හිතවත්කම මහත් වූ සෙනෙහසින් මා ස්මරණය කරමි. මන්ද යත් ඈ දෙව් දුවක් බඳු වූ උතුම් ගතිගුණ වලින් හෙබි ප්‍රියමනාප, මනරංජනීය රූපයෙන් යුතු ආදරණීය තැනැත්තියක් නිසාවෙනි. දශකාධික කලක පටන් මා හොඳින්ම දන්නා අනුරාණි ඉතා ධර්මානුකූලව දිවි ගෙවන, උපේක්ෂා සහගත සිතිවිල්ලෙන් පොහොසත් උදේ සුපිපුණු මලක් මෙන්ම සුන්දර පිවිතුරු කෙනෙකි.
ඇය මා දකින හැම විටම පවසන්නේ "අයියා තවත් සුදු වෙලා ලස්සන වෙලා" යනුවෙනි. මම ද ඇයට එලෙසින්ම සැම විට කියනුයේ ඇගේ සොඳුරු හිත මෙන්ම ඇය ද කාටත් නිති ප්‍රසන්න ප්‍රියමනාප සුන්දර රුවැත්තියක් බැවිනි. තම මවට අසීමිතව ආදරය කළ ඇය මවගේ වියෝවෙන් පසු බොහෝ සේ ආගමානුකූලව ජීවිතයේ අනියත බව සිහි කරමින් කටයුතු කරන්නට වෙහෙසුණාය.
මව සිහිපත් වන හැම විටම දෑස කඳුළින් පුරවා ගන්නා ඇය ඉතා සංවේදී සිතැත්තියකි. ඇගේ නිවසේ පැවැත්වෙන දානමය පින්කම්, ධර්ම දේශනාවන් වැනි සෑම දෙයකටම ඇය මට අනිවාර්යයෙන්ම ආරාධනා කරන්නේ ඇය මා ඇගේම සහෝදරයෙක් සේ සලකන බැවිනි. කමල්ගේ මව වන නැසීගිය ලීලා අම්මාට සිය කුසින් වැදු දියණියන් තිදෙනෙක් සිටිය ද ඔවුන් හා සමානව ම ඇය ගැන සොයා බලන ඇගේම දියණියක් බඳු වූ දියණියකි අනුරාණි. ලීලා අම්මා ද ලේලියක වුවත් දියණියක් බඳු වූ ඇය ලබන්නට භාග්‍යවන්ත වුවාය.
මගේ උපන්දිනයට ද දුරකථනයෙන් මා අමතමින් මට මේ භවයේදිම චතු සත්‍යය අවබෝධව නිවන කරා අප පියමැනීමේ වටිනාකම පිළිබඳ පවසමින් ඇය ආශිර්වාදාත්මක ආසිරි ගෙනාවාය. හිතාදර කමල්ට මෙන්ම රයන් සහ සවින් පුතුන් දෙපළගේ ද වගකීම් වෙනුවෙන්ම වගවෙමින් සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකරන ඇය ඉතා පරිත්‍යාගශීලී කාන්තාවකි.
අද වන විට රටෙහි ඇති තත්ත්වය මත බොහෝ දෙනෙක් සහන මලු සහ දානමය ක්‍රියාවන්ට පෙළඹුණත් ඇය ඊටත් පෙර බොහෝ කලක පටන් පිහිටක් අවැසි පිරිස් වෙත හැකි උපරිමයෙන් අප්රකටව පිහිට වූවාය. බොහෝ විට සහන මල්ලක දක්නට නොමැති චීස්, බටර් ආදියෙන් පවා ඇගේ සහන මලු නිතර පිරීගියේ ඇය කිසිත් භේදයකින් තොරව තම දරුවන්ට මෙන්ම දැයේම දරුවන එක ලෙස සලකන සමානාත්මතාවෙන් ඉහළ අයෙකු බැවිනි.
සිනමාවේ නිළියන් පරදන රූ සපුවකින් හෙබි වුවද කිසිදා ඇය එවැනි ස්ථරයක දිලෙන්නට හෝ බැබළෙන්නට වෙර දැරුවේ නැත. එහෙත් මුළු දැයක් සමාජයක් හමුවේ ඇය ගතිගුණෙන් අන්කාටත් වඩා පෙරමුණෙහි දිලුණාය.
ඉකුත් වසරේ රයන් විවාහපත් වන දා මා ඇයගේ නව ඡායාරූප ගත් අතර සුවිශේෂීත්වයක් වනුයේ ඇයත් මාත් දෙදෙනා ම ඒ වන විට සුවිසෙස් වියක පසුවීම ය.
ජීවිතයේ නියම ස්වභාවය වටහාගෙන තමාටත් වඩා අනුන් ගැන වෙහෙසෙමින්, ඔවුනගේ ඕනෑ එපාකම් සොයා බලා කටයුතු කරමින් දිවි ගෙවන අනුරාණිට තෙරුවන් සරණින් නිරෝගිමත්ව චිර ජීවනය සාදන සුබ උපන්දිනකට අසිරි ගෙනෙන අතරම ඇය පතන ලෙසම ඇගේ ප්‍රතිපත්තිගරුක ජීවනයේ පිං බල මහිමයෙන් ඇයට මේ ජීවනයේම ධර්මාවබෝධයේ මුදුන්පත් වීමට හැකිවන අධිෂ්ඨානශීලී අනාගතයක් වෙනුවෙන් ද ආශිර්වාද කරමි !!!
මා ඔබේම සහෝදරයා, දයාන් අයියා .