කල් ගිය වැඩිහිටියන්ට පමණයි 12දා එල්ෆින්ස්ටන් හිදී
තිර රචකයෙකු සහ නාට්‍යවේදීයෙකු වන අසංක සායක්කාරගේ ‘වැඩිහිටියන්ට පමණයි’ කෙටි නාට්‍ය පොකුර එළඹෙන 12දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතයි. ඒ සවස 3.30ට සහ 6.45ටය. ජයනාත් බණ්ඩාර, සමිත සුදීශ්වර, ජගත් චමිල, අමා ශාක්‍යා කැටිපේආරච්චි, ගීතා අලහකෝන් ඇතුළු රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් දායක වේ.
පසුගිය අප්‍රේල් මස 02දා වැඩිහිටියන්ට පමණයි කෙටි නාට්‍ය පොකුරේ මංගල දර්ශනය බොරැල්ල පුංචි තියටර්හි පැවැත්වීමට නියමිතව තිබුණත් රටේ ඇතිවුණු තත්ත්වයත් සමග එම දර්ශනය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබිණි. එදින දර්ශනයට මිලදී ගත් ප්රවේශපත්ද මෙවර දර්ශනය සඳහා වලංගු වන සංවිධායක මණ්ඩලය සඳහන් කර සිටියි.