කෙල්ලො පිස්සු හැදිලා වගේ ආකර්ෂණය වෙලා ඉන්න ධර්ෂන්, ක්‍රෂ් එක ගැන කියූ කතාව
ධර්ශන් තාවරාජ කියන්නෙ මේ දවස්වල බොහෝමයක් තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් හරි. ඒ තරමට දර්ශන්ට කවුරුත් ආකර්ෂණය වෙලා ඉන්නෙ. ඊට ලොකුම හේතුව තමයි ඔහුට ඇති අපූරු කඩවසම් රූපය. සමාජ මාධ්‍යය ඔස්සේ ඔහුට ලැබෙන ප්‍රතිචාර සෑහෙන්න. මේ සටහනටත් එවැනිම ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.
"පොඩි කාලේ Trip එකක් ගියා, මං හිතන්නේ ඒ කාලේ මට වයස 10 ක් විතර ඇති. Bus එකේ යනකොට මේ සින්දුව Back to back play උනා. ඒ Trip එකට තවත් Family එකක් ඇවිල්ල හිටියා, ඒ family එකේ මගේ වයස Girl කෙනෙක් හිටියා. එයාට ගොඩක් මම Attract උනා, එයාතෙක්ක කතා කරන්න ගොඩක් try කරා. බැරි උනා. ආයෙත් Colombo එනකොට Family දෙකම දෙපැත්තට ගියා. Bus එකේ ආයෙත් "කිරිකොඩු හිතට" සින්දුව Play උනා. මම විතරයි දන්නේ ඒ සින්දුව ආයෙත් ආයෙත් ඇහෙනකොට මගේ හිතේ Totally එයාගෙ memories විතරයි. එදයින් පස්සේ එයාව දැක්කේ නැහැ. එයා තමයි මගේ 1st Sinhala Crush එක.."