කාලයට ගැළපෙන්න, සැමියාගේ උපන්දිනය දා උතුම් ක්‍රියාවක් කළ රුවංගි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිතර නිතර තිරයෙන් දකින්න ලැබුණේ නැති නමුත්, රුව සහ ඇගේ රංගනයන් ඔබට ඇයව අමතකව නැති බව අපිට විශ්වාසයි. මොකද ඒ තරමට ඇය ජනප්‍රිය වන නිසාවෙන්. ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ තරුවක්. මේ කියන්නෙ ජනප්‍රිය නිළි රුවංගි රත්නායක ගැන. ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපිට දැනගන්න ලැබුණා. ඒ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්.

"නිර්මල ගේ උපන්දිනය වෙනුවෙන් අපි අනුරාධපුරයේ ගිහින් පුදපූජාවන් කරලා විශේෂ ඖෂධ වර්ගත් පූජා කලා.

ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකට දුඹුරු පැහැති සිවුරු අදනකඩ වගේ සුළු පිරිකර පූජා කලා.

ඒ වගේම මග දෙපස හම්බුන ළමයින්ට පාසල් උපකරණ සමග පොත් ලබා දුන්නා..."