කැලේකට ගිහින් ගස්, ගල් උඩ නැඟලා සුරූපී නිළි චුලක්ෂි මොකද්ද මේ කරන්නේ?
කාර්යබහුල වෙලා ගෙවෙන ජීවිතය මඳකට නිස්කලංකව නිදහසේ ගත කරන හැමෝම කැමැතියි. එහෙම නිදහසේ ගත කරන්න ඕනේ නම් ස්වභාවික පරිසරයට සමීප වෙන එක හිතටත් ගතටත් සැනසීමයි. රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලා හිටපු අපි හැමෝම ආදරය කරන චූලක්ෂිත් ටිකක් නිදහසේ ඉන්න සුන්දර පරිසරයකට ගිහින් තිබුණා.
එහෙම ගිහින් නිදහසේ ඉන්න අතරේ ඡායාරූප ටිකක් අරගෙන ඒවා ෆේස්බුක් එකට දාන්න චුලක්ෂි අමතක කළේ නැහැ. ගස් ගල් උඩ පවා චූලක්ෂි හරිම නිදහසේ ඉන්න බව ඇගේ මේ ඡායාරූපවලින් පේනව.
ඒ ඡායාරූප ඇය පළ කරලා තිබුණේ මේ වගේ සටහනක් එක්ක..
"ස්වභාවධර්මයේ සෑම දෙයක්ම අප සිටින ආකාරයටම සිටීමට අපට නිරන්තරයෙන් ආරාධනා කරයි."
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.