කොරෝනා කාලේ “අහ් ඇත්තුදූ” කියලා බ්‍රෑන්ඩ් එකක් හදපු ඉතාලියේ කෙල්ලගේ කතාව
කොවිඩ් වෛරසය තදබල ලෙස ලෝකයක් වසා ගනිමින් සිටින මොහොතක ඉතාලියේ හිටපු එක්තරා සුරූපී තරුණියක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වුණා. 'නිවාසවලට කොටුවීම' නිසා තමන්ට හරි ආකාරව 'මේක්අප් එකක්'වත් කරගන්න බෑ කියමින් තමයි මේ තරුණිය කිව්වේ. කොහොම වුණත් ඇය කෙටි කලකින් ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. මේ අතර, ගානු නම් ඉතාලියේ වෙසෙන මේ තරුණිය බොහෝම සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා. ඇයගේ මේ සටහන අවධානය දිනාගන්න කරපු බොරුවක් කියලත් ඇතැමෙක් 'කමෙන්ට්' කරලා තිබුණා.
අප්‍රේල් මාසෙත් ඉවරයි ....
අප්‍රේල් 1 වෙනිදා තමයි මගෙ අම්මා මාව මේ ලෝකෙට මාව බිහි කලෙ , හැබැයි මම අඩු වයස් නොමේරූ දරුවෙක් උනා.
( ඔයාලා මට කියන ඒවත් බොරු නෙවෙයි බලන් ගිහාම )
නොමේරූ ලදරු ඒකකයට අම්මා මාව හොයාගෙන හොරෙන් එන්නෙ සීසර් සැත්කමෙ මැහුම් එක්ක, දරුවා දාලා අම්මා කෙනෙක් පැනලා ගිහින් කියලා හැම තැනම කට්ටිය අම්මව හොයලා. , අන්තිමේදි අම්මාව හොයාගෙන තියෙන්නෙ නොමේරු ලදරු ඒකකය ඉස්සරහ , අම්මගෙ වචනයෙන් මම හම ගහපු කුකුල් පැටියෙක් වගේලු , මේ කතාව ගොඩාක් දිගයි ,
ඒක නිසා අප්‍රේල් 1 වෙනිදා ගැන විතරක් කියන්නම්කො.
පුදුම දේ කියන්නෙ මම ලොකු ලමයෙක් වෙන්නෙත් අප්‍රෙල් 1 වෙනිදා , එදා අම්මගෙ උදව්වට කව්රුත් ආවෙ නෑ හැමෝම හිතුවෙ අප්‍රෙල් 1 වෙනිදා අම්මා කට්ටියව මෝඩයට අන්දනවා කියලා
අප්‍රෙල් 1 වෙනිදා ඉපදුන නිසාද මන්දා මම ගොඩාක් බොරු කියනවා, ඔව් මම ගොඩාක් බොරු කියනවා , මම තනියම සංචාරය කරද්දි , මම වැඩ ඇරිලා ගොඩාක් රෑ වෙලා ගෙදර එද්දි , එලියට යන්න ගෙදර දොර වහනකොට කව්රු හරි දැක්කාම මගෙ ගෙදර මම තනියම නැති විදියට දැනෙන්න තනියම ගේ අතුලට කතාකරද්දි, ඇත්තටම මම කොච්චර නම් බොරු කියනවද ඇත්තටම මම මහ බොරු කාරියක්
......... මතු සම්බන්දයි