‘ කරකාර බදින්නට කාලේ හොදා බහ දුන්නෝතින් ආල හිතින්’ එක්ක නැවතත කරලිය ආපු කාංචනා
‘ කරකාර බදින්නට කාලේ හොදා බහ දුන්නෝතින් ආල හිතින් ‘ මේ වන විට කාගේත් මුවගින් මිමිණෙන ගීතයක් තමයි මේ. ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නංගර ගායනා කරන ලද මේ ගීතය යොවුන් පරපුරේ දක්ෂ ආකර්ෂණීය ගායන ශිල්පිනියක් වන කාංචනා අනුරාධී විසින් ගායනා කරනු ලැබුවා. ඉතින් මේ වනවිටනම් මේ ගීතය බෙහෙවින්ම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා තිබෙන්නේ.
ඉතින් වයස අවුරුදු 23ක තරුණියක් වන ඇයට කරකාර බදින්නටනම් තවම අදහසක් නෑලු. ඉතින් කරකාර බදින්නට ගීතය ඇය ගායනා කරල තියෙන්නේ මේ ගීතයේ මුල් හිමිකරු වන උපාලි කන්නංගර මහතාගේ නිවසේ පවුලේ අයගේ ව්‍යාපෘතියක දී මේ ගීතය තෝරගෙන තියෙන්නේ. ඉතින් ‘නාද’ සංගීත කණ්ඩායමේ සංගීත සංයෝජනයත් එක්ක තමයි මේ ගීතය ඇගේ හඩින් මිහිරි විදියට අපිට විදින්නට හැකිවෙලා තියෙන්නේ.
සිරස නාලිකාවේ විකාශනය වුණු 16 plus සංගීත වැඩසටහන තුලින් ජනප්‍රිය වුණු ඇයගේ ගීත විදියට අකීකරු පෙම් කතාවක්, කාලි, දැනෙන තුරු මා, උදුරාවි, මාවෙත එන්න,නාදෙන් වැනි ගීත. ඉතින් කාංචනා ඇගේ ඉදිරි වැඩ කටයුතු ගැන පුවත්පතකට අදහස් දැක්වූයේ මේ විදියටයි.
‘මට මේ දිනවල ආරාධනා ලැබෙනවා. Indoor, outdoor දෙකටම. හරිම සතුටුයි ඉතින්.වයස් භේදයකින් තොරව හොද ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියෙදි මගේම ගීත නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර මගේම පද රචනය, තනුව, ගායනය සියල්ලම තියෙන නිර්මාණත් තියෙනවා. ඒ වගේම යුග ගායනා කිහිපයක් තියෙනවා. ප්‍රවීන ගායන ශිල්පීන් සහ නව පරපුරේ ගායන ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක. ඉදිරියට ඒවා මගේ ආදරණීය රසික රසිකාවියන්ට දැකබලාගන්න හැකිවෙයි’