කම්බිලි සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

YaYu Entertainment මගින් නිර්මාණය වන “Kambili - කම්බිලි” සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගිය දා (මාර්තු 28) බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදි ආශිර්වාද පිරිත් දේශනයක් ගෞරවණීය මහා සංඝරත්නය විසින් පැවැත්වූ අතර, තිර පිටපත රංගන ශිල්පීන්ට නිල වශයෙන් ලබාදීම ද සිදුවිය.

ග්‍රාමීය පරිසරයක් මුලික කරගනිමින් රටේ වර්තමානයේ පවතින ව්‍යසනයක් පාදක කරගනිමින් ගොඩනැගෙන මෙම කතා සංකල්පය ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින්ට ත්‍රාසයය, භීතිය, ආදරය මුසු නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇත.

දශක එකහමාරකට ආසන්න කාලයක් මාධ්‍ය වේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේශ්ත්‍රය තුළ හා ගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලා ක්ෂේශ්ත්‍රයේ කටයුතු කළ ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා නිර්මාණය ලෙස "කම්බිලි" සිනමා නිර්මාණය නම්කළ හැක.ජනප්‍රිය ටෙලි නාට්‍යය පිටපත් රචක නිදුක් මදුෂික ගේ පළමු සිනමා  තිරපිටපත වන මෙයට, බිමල් ජයකොඩි, අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, සමන් කෝරලගේ, දේව් සුරේන්ද්‍ර, අංජන ප්‍රේමරත්න, ජනිත රූපසිංහ (සිරිල් අයියා), ඇතුළු දක්ෂතා පරිපූර්ණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පිරිසක් රංගනයෙන් දායක වෙයි.

  • අධ්‍යක්ෂණය - ප්‍රසාද් කළුපහන
  • තිර රචනය - නිදුක් මදුෂික
  • කැමරාකරණය - පුෂ්පිත නිර්මාල්
  • සංගීතය - දිල්ෂාන් L. සිල්වා
  • වේශ නිරූපණය - සුපුන් ස්ටේන්වෝල්
  • වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර
  • කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණකරණය - සංජීව කරුණාරත්න
  • නිෂ්පාදන කළමණාකරණය - සංඛ බණ්ඩාර
  • සහය අධ්‍යක්ෂණය - සඳුනි ජයපත්ම
  • දෙවන සහය අධ්‍යක්ෂණය - චාපා පෙරේරා
  • සහය ඇඳුම් නිර්මාණය - වරුණි පතිරණ