කොන්ද පණ තියෙන වැඩිහිටියා’’ මගෙ චූටි බාප්පා - මාධවීගෙන් වෙනස්ම කතාවක් එළියට
කසුන් - මාධවී ආදර කතාව දැන් කවුරුත් හොඳින්ම දන්නවා. සමාජ මාධ්‍යය තුළ ඔවුන් ගැන නිතර හුවමාරු වන සටහන් සහ ඡායාරූප අපේ ඇස ගැටෙනවා. ගෙවුණු දිනවල රසික රසිකාවියන් අතරේ මේ දෙන්නා වැඩි වශයෙන් කතාබහට ලක්වූ අයුරු අපිට දකින්න ලැබුණා. ඔවුන් පළකරන කවර සටහනකට වුව ඉහළ ප්‍රතිචාර ලැබෙනු දැකිය හැකි වූ අතරම, මාධවීගේ චූටි බාප්පා එහෙමත් නැත්නම් ජැක්සන් ඇන්තනීගේ බාල සොහොයුරු තබන ලද ප්‍රතිචාර කිහිපයක් ද ඒ අතර වුණා....
මේ එහෙම පළකර තිබූ ප්‍රතිචාර කිහිපයක්.
"ආදරෙයි කියන්න ලේසියි දවසක් දෙකක් ආදරේ කරන්නත් ලේසියි නමුත් තරුණ වියේ පටන් අරගෙන වැඩිහිටියො බවට පත් වෙනකම්ම දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරය හරිම ගැඹුරුයි ඒ ගැඹුර හොඳින් තේරුම් ගත්තොත් අපිට හැමදාමත් ආදරවන්තයෝ වගේ ඉන්න පුළුවන් චූටි බාප්පාගෙන් උණුසුම් සුභ පැතුම්.....!" ඔහු එහෙම දැක්වූ ප්‍රතිචාරයට,
"Mohan-shiranthi Anthony ඔයා තමයි අප්පච්චි ලඟට පරිනතම, ආදරේ ඇත්තටම විඳපු, ඇරියස් නැති ඇන්තනී" යන්නෙන් මාධවී ද ප්‍රතිචාරයක් දක්වා තිබුණා.