’කදිර දිව්‍යරාජ’ දින 100 සමරා මුද්‍රිත තිර පිටපත එළිදක්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් හා ආචාර්ය රවි ලියනගේ නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරුණු ‘'කදිර දිව්‍යරාජ' සිනමා සිත්තම අතිසාර්ථක දින 100ක් පසුකරමින් මේ වන විට සිනමා ශාලා 35කට අධික ප්‍රමාණයක ප්‍රදර්ශනය කෙරේ.  

‘'කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය සිනමා ඉතිහාසයේ ආදායම් වාර්තා අලුත් කරමින් දින 100ක් තුළ ලක්ෂ 2,750ක ආදායම් වාර්තාවක් තැබීමටද සමත්ව තිබේ. එසේම පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති ‘Safal Fest 2023’ හිදී කදිර දිව්‍යරාජ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ අතර ‘British Way Popular Awards 2023’ සම්මාන උළලේදීද වසරේ ජනප්‍රියතම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් විය.

‘කදිර දිව්‍යරාජ’ සිනමා නිර්මාණය දින 100 සැපිරීමට සමගාමීව එහි තිර පිටපත මුද්‍රණයෙන් එළිදැක්වීම පසුගියදා වැල්ලවත්ත ෂෆයාර් හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරුණි. මෙහිදී ‘කදිර දිව්‍යරාජ මුද්‍රිත තිර පිටපතේ පළමු පිටපත සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා වෙත පිළිගන්වනු ලැබුණි.

නිරෝෂාන් ප්‍රේමරත්න/තිසර ගංගාදර