කදිරජ දිව්‍යරාජ සිනමාපටය රූගත කරද්දී පිටුපසින් පැමිණි අලියාගෙන් සෝනක්ෂි බේරුනේ මෙන්න මෙහෙමයි
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂනය කල කදිරජ දිව්‍ය රාජ සිනමාපටය ඉතාමත් ඉහල ජනප්‍රසාදයක් සහිතව තිරගත වුණා ඔබට මතක ඇති.
එම සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වුණේ ඉන්දීයිය නළු නිලි යුවලක්.මෙම සිනමාපටයේ වල්ලි අම්මාට රංගනයෙන් දායක වූ සොනක්ෂි සිං රාවට් රූගත කිරීම් අතරතුර ඇයට සිදු වූ අමතක නොවන සිදුවීමක් ගැන සඳහන් කරලා තිබුනේ මෙහෙම.
අමතක නොවන සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. ගණ දෙවියන් පැමිණෙන අවස්ථාවේ මම ටිකක් බයවුණා. මා ඔබට සිනහ උපදවන සිදුවීමක් කියන්නම්. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ මගේ චරිතය රණශූර කුමරියකගේ චරිතයක්. මට වැඩි වශයෙන්ම රූගත කරන්න වුණේ වනාන්තරයක. රූගත කිරීම්වලදී හස්තියකු සමඟ රඟපෑමට සිදුවුණා. එක් දර්ශනයක, ඒ හස්තියාට කතා කරන දර්ශනයක් තියෙනවා. ඒ හස්තියාගෙ නම සීතා. එයාට සිංහලෙන් කියන දේවල් තේරෙනවා. මගේ දෙබස වූයේ ''එන්න එන්න සීතා එන්න'' කියලා. මම ඒ දෙබස ටිකක් හයියෙන් පුහුණු වෙමින් සිටියා. එකවරම සද්දයක් ඇහිලා මම පිටුපස බලනකොට අලියා මම කතා කරනවා කියලා හිතලා මගේ පිටිපස්සෙන් ඇවිත් ඉන්නවා. මම පණ එපා කියලා දුවන්න ගත්තා. එතකොට අලියත් මගේ පිටිපස්සෙන් දුවගෙන ආවා. පස්සේ නිෂ්පාදන කණ්ඩායමේ අය ඇවිත් අලියව නවත්තා ගත්තා.
මම නිවසේදී බොහෝවිට නිදාගන්නේ පාන්දර හතරට විතර දවල් වෙනකම් නිදා ගන්නවා මිසක් කිසි වැඩක් කරන්නේ නැහැ. රූගත කිරීම්වලදී දිනපතාම උදෑසන හතරට අවදිවිය යුතුයි. එහෙම ඇහැරුණාම මම මගේ මවට දුරකතන ඇමතුමක් දෙනවා. එවිට ඇය අහනවා මේ පාන්දර මොනවද කරන්නෙ කියලා. මම කියනවා රූගත කිරීම්වලට යන්න සූදානම් වෙනවා කියලා. එවිට ඇය කියනවා ඇති යාන්තම් උදෙන් නැගිටින්න පුරුදු වෙලා. බ්‍රහ්ම මුහුර්තියෙන් නැගිටින එක ගොඩක් හොඳයි එතකොට හැම දෙයක්ම මතක හිටිනවා, හරියට කරන්න පුළුවන් කියලා.