කාටවත් කරදරයක් කරන් නැත්තම් අපිට වරදින්නේ නැහැ
‘මිස් ශ්‍රී ලංකා ජයග්රහණයෙන් පසුව, මුලින්ම රඟපෑවේ ගීතාංජන කොස්තා මහතාගේ නිර්මාණයක, ඒ තමයි මගේ පළවැනි රංගනය. ඒත් ඒ නාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ගීතාංජන මහතා නිසා චාමර සමරවික්‍රම මහතා හඳුනාගන්න ලැබුණා. පසුව රවීන්ද්‍ර විජේරත්න මහතා සහ තරංග දිසානායක මහතා හඳුනා ගන්න ලැබුණේ චාමර මහතා නිසයි. බොනිකර තරු’ නාට්‍යයේ තමරා ගේ චරිතය ලැබුණේ ඒ අනුවයි. මේ විදියට බොනිකර තරු නාට්‍යයේ තමාරා ලෙස අපට හමුවන 2019 සියත මිස් ශ්‍රී ලංකා වූ දොඩම්වල වැලිකන්දේ දෙව්මිණි තත්සරණි කවුද කියලා බලමු?
දෙව්මිණි කියන්නද? තත්සරණි කියන්නද?
දෙව්මිණි කියලා තමයි බොහෝ දෙනා කතා කරනේනේ.
දෙව්මිණිගෙ ගම?
නුවර පිළිමතලාව.
කියන්නකො පවුලේ විස්තර එහෙම!
අම්මයි-තාත්තයි-මල්ලියි මමයි. අපි හතර දෙනාම ලොකු බැඳීමකින් සිටින පවුලක්. තාත්තා ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක්.
කොහොමද පිළිමතලාව!
ඒ පළාතට මම හරි ආසයි. මම මෙතෙක් ජීවිතේ වැඩි කාලයක් හිටියේ එහෙ නිසා.
ඇයි එහෙන් ආවේ?
මගේ රැකියාව සහ මම කරන වැඩ එක්ක පහසු නිසා කොළඹට ආවා.
‘දෙව්මිණි’ට ආදරේට කියන්නෙ
ගෙදරට කියන්නේ ‘ශබී’ කියලා. යාළුවෝ කියනනේ ‘දේවි’ කියලා.
‘දෙවි’ගෙ අරමුණ වුණේ?
පාසල් යන කාලයේදී තිබුණේ නර්තන ගුරුවරියක වීමේ අරමුණ. ඉන්පසුව රූපලාවන්‍ය ක්ෂේත්රයට ආසා කළා. මේ වැඩ අතරේ තවමත් ‘රූපලාවන්‍ය’ කටයුතු කරගෙන යනවා.
රූ -රැජින තරග කරන්න හිතුවෙ
රූපාලාවණ්ය අංශයට ආසා නිසා ඒ අංශයේ ඉගෙන ගන්නා අතරේ රූපලාවන්‍ය ප්රසංගවලදි මට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලබා දුන්නෙ ඩ්රීමිරෝන් කොලේජ් එකේ මිස් ප්‍රමිලා. ඔයා කොච්චර හොඳට නිරූපණය කරනවද? ඒ නිසා මිස් ශ්‍රී ලංකා තරගයකට අයදුම් කරන්න කීවා. ඉන්පසුව මම සියත මිස් ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් තරගයට අයදුම් කළා. එහිදී අන්තිම 12ට තේරුණා. ගෙදරින් ඒ වෙනුවෙන් ලැබුණෙ ලොකුම ලොකු සපෝට් එකක්. අන්තිම 12ට තේරුණාම පළවැනියා වේවි කියලා හිතුවෙ නැහැ. කොළඹ ඊට පෙර ඉඳලත් නැහැ. තාත්තා-අම්මා දුන්න සහයෝගය එක්ක ඉදිරියටම ගියා. එයාලා නොහිටින්න මගදි නතර වෙන්න හැදුවා. ඒත් තාත්තා මාව දිරි ගැන්වුවා. අන්තිමට 2019 සියත මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ දිනාගන්න පුළුවන් වුණා. ඒ විදියට කිරුළ ලබාගැනීමට මට බොහෝ දේ කියා දුන් සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු මිස් ශ්‍රී ලංකා කණ්ඩායම මට ලබාදුන්නෙ ලොකුම සහයෝගයක්.
රෑ රැජින වූ පසුව?
තිබෙන ක්ෂේත්රයේ වැඩ කටයුතු කරමින් සිටින අතරේ සියතෙ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩ සහ නිරූපණ ක්ෂේත්රයේ වැඩ කටයුතු කරන අතරේදි තමයි ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්ථාව ලැබුණෙ.
බොනිකර තරු නාට්‍යයේ ඔබගේ චරිතයේ නම කියමු?
ඒකෙ මගේ නම තමාරා. හිතුවක්කාර, දඟකාර, අම්මයි තාත්තටයි ටිකක් වද දෙන චරිතයක්.
කොහොමද මේ චරිතය රඟපාද්දි ලැබූ අත්දැකීම්?
ප්රවීනයින් එක්ක රඟපාන්න ලැබීම තමයි ලොකුම අත්දැකීම. රවීන්ද්‍ර විජේරත්න අධ්යක්ෂතුමාගෙනුත් බොහෝ දේ ඉගෙන ගත්තා.
මොන වගේ කතාවක්ද?
පවුල් කීපයක් වටා ගෙතුණු කතාවක්. ඒ පවුල්වල මතුපිටින් දකින දේට වඩා ඇතුළාන්තය වෙනස්. මේ කතාව නරඹලාම බලන්න කියලා මම ආරාධනා කරනවා.
‘දෙව්මිණි’ මොන විදියෙ කෙනෙක්ද?
බොහෝම පාඩුවෙ ඉන්න කතාව අඩු චරිතයක්. මගේ දන්නා හඳුනන අය එක්ක හැර නොදන්නා අය එක්ක වැඩිය කතාවට යන්නේ නැහැ. ඒක මගේ ආඩම්බරකම නෙවෙයි. ඒ මගේ විදියයි.
දිගටම රංගන කේෂ්ත්‍රයේ රැඳී ඉන්නද කල්පනාව?
රඟපාන අතරේ මගේ අනෙක් වැඩ කරගෙන ඉදිරියට යන්න ආසයි.
ටෙලිනාට්‍යයක ‘රඟපෑම’ මොන වගේද? පහසුද? අමාරුද?
රඟපාන එක ඇත්තටම පහසු නැහැ. බොහෝ දේ තියෙනවා ඉගෙන ගන්න. මට මාත් එක්ක රංගනයේ යෙදෙන ප්රවීනයින් ඇතුළු සියලු දෙනා නිසා මට රඟපෑමට තිබූ චකිතය නැතුව ගියා. රංගනය ගැන නම් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා.
මේ දේවල් හැර වෙන මොනවටද කැමති?
නර්තනයට හරිම ආසයි. පාසල් කාලයේ ඉඳලම කළා. ඇවිදින්න යන්නත් හරි ආසයි. ලංකාවේ බලන්න යන්න තියෙන තැන් බොහෝමයිනෙ.
වෙසක් සමයේ මොන වගේ ප්රාර්ථනාවක්ද තියෙන්නෙ?
මෙවර අර්බුදකාරි තත්ත්වය එක්ක ලාංකිය අපි හැමෝටම කරන්න තියෙන එකම ප්‍රාර්ථනාව අපේ රටට යහපතක් වේවා කියන එකයි. රටේ අපි හැමෝටම සතුට ජීවිතවලට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
වෙසක් උදාවන විට සාමාන්‍යයෙන් දෙව්මිණි මේ දක්වා මොන වගේ දේවල්ද කළේ.
අම්මා එක්ක එකතු වෙලා බුද්ධ පූජාව කියලා ගෙදරදි වතාවත් ඉටු කරනවා. කොහොමටත් වෙසක් පෝය වගේම සෑම පෝයකටම දළදා සමිඳු වඳින්න මාලිගයට යනවා.
ගෙවී ගිය වෙසක් සමයෙදී මතකයේ රැඳුණු විශේෂ මතකයන් තියෙනවද?
මල්ලිය-මමයි- එකතුවෙලා වෙසක් කුඩු හදනවා. අම්මයි තාත්තයි උදව් කරනවා. ඒක හිතට ලොකු සතුටක්.
වෙසක් පෝයට සිල් අරගෙන නැද්ද?
අම්මයි-මායි සිල් අරන් තියෙනවා. අපි හතර දෙනාමත් සිල් අරන් තියෙනවා.
බැති ගී ගයලා තියෙනවද?
නැහැ
කැමතිම බොදු-බැති ගීය මොකක්ද?
‘මෙත් මල් පිබිදේවා’ ගීතයට ආසයි.
වෙසක් සමයේදී තරුණියක ලෙස අනෙක් තරුණියන්ට දෙන උපදෙස් මොකක්ද?
මම බුදුදහම විශ්වාස කරන කෙනෙක්. අපි නිතර අනික් කෙනා ගැන හිතලා වැඩ කරන්න. කාටවත් කරදරයක් නොකරනවා නම්? අපිටත් වරදින්නෙ නැහැ.
දෙව්ගෙ හොඳම ගුණාංගය මොකක්ද?
මම සැමදෙනා එක්කම සුහදශීලිව වැඩ කරන්න උත්සාහ ගන්නවා. මම හැමෝටම ගරු කරන කෙනෙක්.
නරක දේ?
මගේ එකම දුර්වලකම වැඩිය කතා බහ නොකිරීම. ඒක මගේ දුර්වලකමක්.
කොහොමද ‘දෙව්’ගේ ආදරය?
ආදරය සුන්දරයි. ගෙදරින් ලැබෙන ආදරය නිසා ජීවිතය සුන්දරයි. මම ආදරය ලබන්න ආස කෙනෙක්.
ජාතක කතා එහෙම කියවලා තියෙනවාද?
ඔව්. මම දහම් පාසල් එහෙම ගියා. පටාචාරා කතා වස්තුව අදත් මතකයි.
සඳුන් ගමගේ