කෝටිපතියෙක් හා විවාහ වූ අනුෂා දමයන්ති, චන්දිමාල් ගැන කියපු කතාව
සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම, නර්තනයට ද හපන්කම් පෑ නිළි අනුෂා දමයන්ති පසුගිය දිනෙක යුගදිවියට පිවිසුණා. ඒ, අවුරුදු 14ක සිය ආදර කතාන්දරය සැබෑවක් බවට පත් කරගනිමින්. එදින අනුෂාව මනාලියක් ලෙසින් හැඩ ගැන්වූයේ චන්දිමාල් විසිනුයි. ඉතින් තමන් වෙනුවෙන් සිදුකළ සියලු සත්කාර සඳහා අනුෂා, චන්දිමාල්ට මේ විදිහට ස්තුති කර තිබුණා.
මාගේ කල්යාන මිතුරු Royal King චන්දිමාල් ජයසිංහ ඔබ හට මා හදවතින් කරන ගෞරවනීය ස්තුතියයි මේ.
වසර ගනනාවක් පුරාවටම. අප දෙනා අතර තිබූනේ යාලුමකමට එහා ගිය සහොදර බැදීමකි.එම බැදීම තවත් ශක්තිමත් කරමින් ඉතා කෙටි කාලයකින් මා විවාහයට සූදානම් වූ නිසා මා සුන්දර මනාලියක් සේ හැඩගන්වන්වා. බොහෝ වගකීම් දරමින්. විවාහ උත්සව නිමාවනතුරු. එය ඔබේ වගකීමක් කරගෙන. එහි රැදෙමින් එය ඉතා විශිශ්ට අන්දම්ක්න් මා හට ඉටුකර දීම මා ලද භාග්‍යකි.
මාහට ලැබෙන සියලු ප්‍රශංශා වටිනාකම් අගය කිරීම් මා ඔබටද මල් මිටක් සේ පුදකරම
ඔබ හස්තිරාජයකුසේ ශක්තිමත් සිංහකුසේ තේජාන්විතව හා ආදරය කරුනාව වපුරමින් නිහත මානීව සැමටම උදවු උපකාර කරන මහත් පින් ඇත්තෙකි. එහෙයින් ඔබහට සුභාව දර්මයේ සහ මා අදහන ලොවුතුරා බුදුන් පලමුකොට සියලු දෙවියන්ගේ පිහිට අරක්ශාව අශිර්වාදය ලැබී සැමදා රජෙකුසේ බබලමින් ලොකය ම දිනා ගැනීනට ඔබහට ශක්තිය වාසනාව ලැබේවා කියා මා හදවතින්ම ප්‍රර්තනා කරමි.