ඕවා මෙහේදී කතා කරන්න බෑ දවසක ගෙදර එන්න කීවා - ජනක් ප්‍රේමලාල්
බර අඩි තබමින් ඇවිද යන උත්තුංග දේහධාරී මිනිසෙකි. නිරතුරු සිදුවන ගැඹුරු කතාබහ නිසාම ඔහු පාසල් ගුරුවරයෙකු දැයි සිතේ. ඉතා පැහැදිලි චතුර කතා විලාසය නිසාම ඔහු දේශකයෙකු හෝ සන්නිවේදකයෙකු දැයි සිතේ. කෙසේ නමුත් වඩාත් හොඳින් ඔහු දෙස බලා සිටීමේදී අනුමාන කළ සියලු භූමිකාවන්හි ඔහු විශිෂ්ටයකු වග පැහැදිලි කර ගැනීමට හැකි විය. කටු ඉඹුලෙ ජේමිස්, කළුවර ගෙදර තිනන්, ස්වයංජාතහි දියෝනිස් නමින් ඔහු අප මතකයට නැගෙන්නේ ඔහුගේ රංග ප්‍රතිභාව මතින්ය. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. නම් වේදිකා නාට්‍යයක අප රට තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ ගීතය ඇතුළත් වන්නේ ද ඔහුගේ නිර්මාණයක් වූ රාජ කපුරු වේදිකා නාට්‍ය තුළය. ඉතින් එසේ කියූ පසු ඔහු කවුදැයි හඳුන්වා දීමට තවත් සටහන් අවශ්‍ය නොවනු ඇත. ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල්.. අද හදසර My story කතාබහ ඔහු සමඟය. ජනක් උපන්නේ හොරණය. හැදී වැඩුණේද අද ජීවිතය ගෙවන්නේද එහිය. ඔහු උපන් ගමට හැදුණු වැඩුණු ගමට ඒ ආදරණීය මිනිසුන්ට නිර්ලෝභීව තම සේවය සලසන සොඳුරු මිනිසෙකි.
මගේ අම්මා, තාත්තා දෙදෙනාම පාසල් ගුරුවරුන්. අම්මා දයා වීරක්කොඩි. තාත්තා සිරිසේන ප්‍රේමලාල්. දෙන්නාම පසුවන්නේ අනූ තුන්වැනි වියේ. මට ඉන්නේ එක් සහෝදරයෙක් පමණයි. මගේ එකම මල්ලි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ලෙස විශාල සේවයක් මේ රටට කළා. දැන් ඔහු විශ්‍රාමිකයි. මම පාසල් තුනක අධ්‍යාපනය හැදෑරුවා. ගෝවින්න කනිෂ්ඨ විද්‍යාලය, ශ්‍රීපාලි මහා විද්‍යාලය හා හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් තමයි මම මූලික උපාධිය ලැබුවේ. ඒ දේපළ කළමනාකරණය හා තක්සේරු විද්‍යාව විෂය ධාරාව ඔස්සේ. මම රුකියා දෙකක යෙදුණා. පළමු රුකියාව වුණේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු පරීක්ෂකවරයකු ලෙස කටයුතු කිරීම. දෙවැනි වතාවට මම එළඹුණේ ගුරු වෘත්තියට. ඒ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙසයි. වසර 30 ක ගුරු සේවයට මම තිත තැබුවේ 2014 වසරේ ගුරු වෘත්තියෙන් විශ්‍රාම යාමත් සමඟ. කුඩා කාලේ සිටම ගමේ ජීවත්වූවන් ලෙස අපි ඉතා සුන්දර ළමා කාලයක් ගෙව්වා. කෘෂිකර්මයට වැඩි ඉඩක් තිබුණා. ඒ කාලේ අපේ ජීවිතත් හරිම සරලයි. සැහැල්ලුයි. මිනිස්සු ගත්තම ඉතා විශාල මුදල් ප්‍රමාණයක් තිබුණු අයත් නෙවෙයි. තමන්ගේ ආදායමේ හැටියට වියදම් කරමින් හරිම සතුටින් කාලය ගත කළා කියලයි මට හිතෙන්නේ. ඉස්සර හවසට ගමේ පුංචි අපි යාළුවෝ එකතුවෙලා විවිධ සෙල්ලම් කරනවා. ගංවතුර කාලයට ඔරු පදිනවා. හරිම සුන්දරයි. ඇත්තටම කිව්වොත් සෙල්ලම් කරන්න අවශ්‍ය දේවල්, සෙල්ලම් බඩු පවා නිර්මාණය කර ගත්තේ අපිමයි. බට පතුරුවලින් වෙසක් කූඩු හැදුවෙ අපි. කොළපත්, පොල්පිති අරගෙන සෙල්ලම් කරන්න හැදුවා. ඒ මතකයන් පවා හරිම සුන්දරයි. ඉස්සර අපි පාසල් යද්දි අපිට එක කාලච්ඡේදයක් තිබුණා වතු වැඩ කියලා. පාසල් භූමිය විවිධ පන්තිවලට බෙදලා තිබුණේ.එතකොට එහි පාත්ති සකසන්න, පැළ සිටුවන්න, වල් පැළ ගලවන්න, ජලය ආදිය යොදා රුකබලා ගන්න කියන සියල්ල පැවරුණේ ඒ අදාළ පන්තියේ ළමයින්ට. ඇත්තෙන්ම එය ඉතා හොඳ හුරුවක් වුණා අපට. ඔහු අතීතය සිහිපත් කරන්නේ සැබැවින්ම ඉතා ආශාවෙනි.
කුඩා කල පටන්ම ජනක්ගේ සිත තුළ නාට්‍ය කෙරෙහි පැවතියේ දැඩි ඇල්මකි. පාසල් කාලයේ ඔහු ඒ වෙනුවෙන් ඉතා උනන්දුවෙන් එක් විය. ඔහුගේ පියා කලාවට ළැදි ගුරුවරයෙක් වීම ඊට ඍජුවම බලපෑවේය. ඔහු පාසල් දරුවන් වෙනුවෙන් නාට්‍ය රචනා කළේය. ගෝවින්න මහා විද්‍යාලයේදී වසර අවසාන විවිධ ප්‍රසංග සඳහා මෙන්ම පාඨශාලාන්තර තරග සඳහා ඔහු දරුවන්ට නාට්‍ය පුහුණු කළේය. ඒ බොහෝ විට සවස් කාලයේදීය.
මේ කාලයේ මම ඉගෙන ගත්තේ ගෝවින්න කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉතින් මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් කෑම කාලා යනවා ගෝවින්න මහා විද්‍යාලයට තාත්තා ළමයින්ට නාට්‍ය පුහුණු කරනවා බලන්න. නාට්‍ය කලාව ගැන ඇල්මක් කැමැත්තක් ඇතිවුණේ ඔන්න ඔතැනින් කියලයි මට හිතෙන්නේ. ඉන්පසු මම ශ්‍රීපාලි මහා විද්‍යාලයට යනවා. ශ්‍රීපාලිය කියන්නෙ ඇත්තටම කලා ආශ්රමයක් වගේනෙ. ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ හැඩරුවට අනුව හැදුව මේ පාසලේ මුල්තැන ලැබුණෙ කලාවට. එහිදිත් මගේ කලා හැකියාවන් ඔප්නංවා ගන්න මට හැකි වුණා. ඉන්පසු මම ගියා විද්‍යාරත්නයට. විද්‍යාරත්නය කියන්නෙ නාට්‍ය කලාවෙ ලොකු පෙරළියක් කළ පාසලක්නෙ. එකදිගට පාසල් නාට්‍ය තරගවලින් ජය ලැබුව පාසලක්. ඒ වගේම විශිෂ්ටයන් බිහි කළ පාසලක්. හේමසිරි ලියනගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න වැනි රංගවේදීන් බිහිවුණේ එතැනින්. ඒ ඉතිහාසය කියවා ගැනීමත් එක්ක කලාවට තිබුණු ඇල්ම වැඩි වුණා. ඉතින් මෙන්න මේ කාලෙ පාසලේ විෂය ධාරා බෙදීමක් නැතිව අප එක්වෙලා නාට්‍ය සංගමයක් පිහිටුවා ගත්තා. එවක එහි නාට්‍ය කරන ගුරුවරයෙක් හිටියා. ඔහු ආරියපාල පතිරාජ සර්. අපි එක්වෙලා එතුමගෙන් ඉල්ලීමක් කළා නාට්‍යයක් හදමු කියලා. ඉතින් සර් ඒකට එකඟ වුණා. 1976 වසරේ පාසල් නාට්‍ය තරගයට එම නාට්‍ය ඉදිරිපත් කළාම ප්‍රථම ස්ථානය ලැබුණා. ඒ නාට්‍ය තමයි කතාවක් අතර හදියක්. එය තමයි මා රඟපෑ පළමු නාට්‍ය.
1978 වසරේදී ජනක් ජයවර්ධනපුර සරසවියට ඇතුළත් විය. කොළඹ ආශ්‍රිතව ජීවත් වූ නාට්‍යකරුවන් හඳුනා ගැනීමට ඔහුට ඉඩ ලැබුණි.
ඉස්සර නාට්‍ය පෙන්නුවේ ලුම්බිණි රඟහලේනෙ. අපි යනවා නාට්‍ය බලන්න. ජයලත් මනෝරත්න වැනි අයව හමුවුණේ ඒ වකවානුවේදි. ඒ වගේම විශ්ව විද්‍යාලයෙත් අපි නාට්‍ය සංගමයක් හදාගෙන පිටතින් නාට්‍ය ගෙනල්ලා විශ්ව විද්‍යාල වේදිකාවේ රංගගත කළා. ඉතින් මෙහෙම නාට්‍යකරුවන් විශාල ප්‍රමාණයක් හමුවීම නිසා සරසවි සමයෙදිම මට නාට්‍යවලට එන්න ඉඩ ලැබුණා. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාත් මේ විදියට මට හමුවූ විද්වතෙක්. මම දේපළ කළමනාකරණය හා තක්සේරු විද්‍යාව හැදෑරුවත් විශ්ව විද්‍යාලයේ නාට්‍ය සම්බන්ධව තිබූ කෘති ආසාවෙන් පරිශීලනය කළා. ගැටලුවක් ආවම මම තිස්ස කාරියවසම් මහතා සමඟ කතා කරනවා. එතුමා මා සමඟ ඉතා හිතවත්. දවසක් මම එතුමගෙන් යම් ගැටලුවක් ගැන ඇහුවම එතුමා කිව්වා ජනක්.. ඕවා මෙහෙදි කතා කරන්න බැහැ. ඔබ දවසක අපේ ගෙදරට එන්න කියලා. ඉතින් ඉන්පසු මම එතුමගෙ නිවසට සවස් කාලෙදි ගිහින් මගෙ හිතේ මතුවුණු ගැටලු, පරස්පරතා ගැන අසා දැනගත්තා. ඇත්තෙන්ම කිව්වොත් මම විශ්ව විද්‍යාලයෙදි තක්සේරු විද්‍යාව නියම ලෙසත් නාට්‍ය හා රංග කලාව අනියම් ලෙසත් උගත්තා කියා කීවත් එහි වරදක් නැහැ. මම 82 වසරේ විශ්ව විද්‍යාලයෙන් පිටවෙනවා. 83 දී තමයි තක්සේරු පරීක්ෂක ලෙස රුකියාවට බැඳුණේ.
එහෙත් ඔහු තක්සේරු පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළේ වසරක් පමණය. එයට එකම හේතුව නාට්‍ය කිරීම සඳහා ඔහුට කාලය සීමිත වීමය. නාට්‍ය කිරීමට නිදහසක් නොවූ එම රුකියාවෙන් ඉවත් වී ඔහු ගියේ ගුරු සේවයටය. එයට හේතුව ඔහුගේ පියා ද ගුරුවරයකුව සිට නාට්‍ය කිරීමය. සති අන්තය, සවස් වරුව හිමිවන විවේකය ඵලදායී ලෙස යොදාගැනීම ඔහුගේ අරමුණ විය.
තාත්තා ලියූ කෙටි නාට්‍යයක් තිබුණා පාසල් කාලෙදි. මට ඒ ගැන ලොකු කැමැත්තක් තිබුණා. මම තාත්තට කිව්වා එය නාට්‍ය පිටපතක් ලෙස නිෂ්පාදනය කළ හැකි වන ආකාරයට ලියා දෙන්න කියලා. එය තමයි අබුද්දස්ස කෝලම. එය 1984 වසරේ යොවුන් නාට්‍ය සම්මාන උළෙලට ඉදිරිපත් කළා. එහිදී සම්මාන 07ක් අපට ලැබුණා. හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය මා අධ්‍යක්ෂණය කළ පළමු නාට්‍යයටම ලැබීමත් සමඟ මා නාට්‍යකරුවෙකු ලෙස ක්ෂේත්රයේ ස්ථාවරත්වයට පත්වීම ඇරඹුණා. ඉන්පසු 1988 වසරෙදි රාජ කපුරු නාට්‍ය කළා. එයත් තාත්තා ලිව්වේ. රාජ්‍ය නාට්‍ය උළෙලේදි 1988 වසරේ සම්මාන තුනක් ලැබුණා. ඉතා හොඳ පිළිගැනීමක් මේ සියල්ල මට ලබා දුන්නා.
ශ්‍රී ලංකාවට රෑපවාහිනියේ ආගමනය සිදුවිය. ජනක් වේදිකාවෙන් රෑපවාහිනියට පැමිණියේය. ඔහුගේ පාසල් මිතුරෙක් වූ සුදත් සේනාරත්න රෑපවාහිනී සංස්ථාවේ රුකියාවක් ලැබ එහි සේවයට ගියේය.
සුදත්ට ඕන වුණා මාව ටෙලිනාට්‍ය නළුවෙක් කරන්න. ඔහු මුලින්ම කළා සිව් මංසල නාට්‍ය. එහි උප ප්‍රධාන චරිතයක් මට ලැබුණා. මුලින්ම මම සුළු චරිතයක් රඟපාලා තිබුණා හත්පණ නාට්‍යයේ. සිව්මංසලේ හර්ෂ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකුගේ චරිතය මට ලැබුණේ. එහි පිටපත ලිව්වේ ඩග්ලස් සිරිවර්ධන. ඔහුත් අපේ පාසලේ. ඩග්ලස් අයියා මෙහි පිටපතේ ලියා තිබුණේ විද්‍යා ගුරුවරයෙකු ගැන. මෙහි තිබුණා පන්ති කාමරයේ දර්ශන ගොඩක් තිබුණා. මම යෝජනා කළා ආර්ථික විද්‍යා ගුරුවරයෙකු බවට චරිතය පත් කරන්න. මොකද මම සැබෑ ජීවිතේ ආර්ථික විද්‍යා ගුරුවරයෙක්නෙ. විෂය කරුණු ඉතා හොඳින් මතකයි. ඒ දර්ශන විකාශය වීමත් එක්ක මාව ජනප්‍රියත්වයට පත් වුණා. එයින් පසු මට විවිධ අධ්යක්ෂවරුන් රංගනයට කතා කළා. පරාක්‍රම නිරිඇල්ල ඔහුගේ සඳගිරි පව්ව නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව ගත්තා. අධ්යක්ෂවරු එකසිය තිස් ගණනකගේ ටෙලිනාට්‍ය හාරසියයකට පමණ මම රංගනයෙන් එක් වුණා. ඉන්පසු සරළුවරම, බහුබාර්යා, කාල වැනි චිත්‍රපට කිහිපයකට මම රංගනයෙන් දායක වුණා. ටෙලිනාට්‍ය රංගනය වෙනුවෙන් හත් වතාවක් හොඳම නළුවා සම්මානය මට හිමි වුණා. සුදත් රෝහණගේ කටුඉඹුල, කළුවර ගෙදර, ස්වයංජාත, ගිරිකුල ආදී නාට්‍ය වෙනුවෙන් තමා ඒ සම්මාන 07ම හිමි වුණේ. බෝගල සවුන්දිරිස්හි හැවැන්පොළ චරිතය තමයි මගෙ රංගනයේ හැඩය වෙනත් දිශාවකට රුගෙන ගියේ. මගෙ නවතම නාට්‍ය නිර්මාණය තමයි ආඩි හතයි - කැඳ හැලියයි. කොවිඩ්-19 සහ රටේ තත්ත්වය මත තවම වේදිකාගත කරන්න නොහැකි වුණා. ඉදිරියේදි එය ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරන්න සූදානමින් බලාපොරොත්තු සහගතව ඉන්නවා.
චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් ජනක් ප්‍රේමලාල්ගේ ආදරණීය බිරිඳ ඥානෝත්රා සේනාරත්නය. ඔහුට ශෂිකලා හා ගයාන්ජිත් නමින් දරුවන් දෙදෙනෙකි. මේ වනවිට ඔවුන්ද විවිහකය. උපාධිධාරීන් වන ඔවුහු ද රැකියාවන්හි නිරතව සිටිති. එකම මුණුපුරා කවිනු තවමත් නව හැවිරිදි වියේ පසුවෙයි. රංගවේදියකු ලෙස විවිධ රංග පරාසයන්හි තම ප්‍රතිභාව මැනවින් විදහා දක්වන ඔහු මැවූ චරිත දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියයි. මේ වසරේ කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ ජනක් ප්‍රේමලාල් හට 2018 වසරේදී ජපුර සරසවිය තම සරසවි බිමෙන් දේශයට තිළිණ කළ විශිෂ්ට විද්‍යාර්ථියන් ඇගයීම වෙනුවෙන් විවිධ ක්ෂේත්රයන්හි විශිෂ්ටයන් වෙනුවෙන් ලබා දෙන ජයවර්ධනපුර ප්‍රදීප සම්මානය ද පුද කළේය. රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රුගෙන යන්නට හැකි තවත් අපූරු නිර්මාණ කිරීමට හදසර අපි ඔහුට නිරෝගි සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.
මොනිකා සේරසිංහ / සේයාරූ - අන්තර්ජාලයෙන්