ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද? ඔයා trans ද? බහුතරයක් නම් අහන්නේ ඕක නක්කලේට.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හාස්‍ය රංගනය කියන්නෙ අතිශය අපහසු එකක්. ඒත්. ඒ දෙයින් අතිසාර්ථක වෙච්ච පිරිස් බොහෝමයක් අපේ රටෙත් ඉන්නවා. විශේෂයෙන්ම යූටියුබ් නාලිකා හරහා විවිධ අන්දමේ මවාපෑම් සිදුකරන, මිනිස්සුන්ව සිනහවෙන් තියන්න උත්සාහ ගන්න බොහෝ දෙනෙක් ඉන්න වග ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.
 
ඒ කියන අය අතරින් කෙනෙක් තමයි ඒශාන් ඩයස් කියන්නේ. නිතරම ගැහැනු චරිතවලට පණ පොවන ඒශාන්ට විවිධ අන්දමේ මඩ ප්‍රහාර, විවේචන එල්ල වුණා වුණත් ඔහු ඒවා බොහෝම සැහැල්ලුවෙන් ගන්න, වැඩිපුර හිතන්නෙ නැති කෙනෙක්.

 මේ තියෙන්නෙ ඒශාන් ඔහු ගැන කියමින්, මුහුණු පොතේ දැමූ සටහනක්...
 
ඔයා lady boys ද?
ඔයා she male ද?
ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?
ඔයා trans ද?
 
මට එන messages වල හුගාක් අය අහන ප්‍රශ්නයක් සමහරූ seriously ඔය ප්‍රශ්නේ ඇහුවට බහුතරයක් නම් අහන්නේ ඕක නක්කලේට. කමක් නෑ. අද මං ඒකට උත්තරයක් දෙන්නම්කෝ.
 
"ඔයාට ඒක අදාල නෑනේ"
ඔන්න සරලම උත්තරේ.
 
මගෙන් she male ද lady boys ද කියල අහන අයගෙන් බහුතරයක් hi, ඔයාට කොහොමද?? කියලවත් අහලා message එකක් පටන්ගන්න දන්න පිරිසක් නෙමෙයි. අනේ යකෝ!!!she male lady boy කියන්නේ porn catergory. තොපිලා වල් site වල බලන එව්වා මෙතන බලාපොරොත්තුවෙන්න එපා.
 
එහෙනම් මම කවුද?
 
මං එශාන් ඩයස්. ඔබ social media තුලින් දකින්නේ මගේ ජීවිතයෙන් බිදක් පමනයි. ඔබ social media වල දකින එශාන් ඩයස්ට වඩා මං හරිම සංකීර්න හැගීම් දැනීම් සහ ආකල්ප තියෙන පුද්ගලයෙක්. මං මේ කරන දෙයින් බලාපොරොත්තුවෙන්නේ දේවල් දෙකයි. ඒ ආදරය සහ ගෞරවය පමනයි
 
එතකොට එශාන් ඩයස් මේ සාරි ඇදන් කරන්නේ මොනාද?
 
ඒකටත් සරල උත්තරයක් තියෙනවා. මං Social media වල "Drag Performer" කෙනෙක්. මට තව හැකියාවල් හුගාක් තියෙනවා. ඒත් ඔයාල මාව මේකේ දකින්නේ Drag performer කෙනෙක් හැටියට. DRAG කියන්නේ සරලවම DRessing As Girl කියන එකටයි. ඒ කියන්නේ පිරිමි කෙනෙක් ස්ත්‍රී චරිත වලට පන පොවන එකට සහ ඒ අනුව ස්ත්‍රී මෝස්තර නිරූපණය කරන එකටයි. හරිම සරලයි. දියුනු රටවල් වල මේ වෘත්තියෙන් ඩොලර් මිලියන ගනන් උපයා ගන්නට පුලුවන් උනත් ලංකාව දැනට එතරම් පරිනත වෙලා නෑ. කමක් නෑ. අපි ඉවසන් ඉමු.
 
ඉතින් මට මේ pride month එකේ කියන්න ඕන උනේ මේකයි. ප්‍රශ්න අහන්න. ඒ මනුස්ස ගතියක්. ඒත් ගෞරවය රකින්න පුරුදු වෙන්න. අපි හැමෝම ආසයි ගෞරව ලබනවට.
Respect eachother.