ඒ දවස්වල ප්‍රියතම නළුවා ජීවන් කුමාරතුංග, ජීවන් අයියට තිබ්බ කැමැත්ත නිසාම මම ඒක ගත්තා
"මමත් ගැහැනියක්", "දරු උපත" , "විසිදැල" වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම අඩනිරුවත් චරිත රැඟු අනුෂා සොනාලි ඔබට අමතක නැතුව ඇති. එසේ සිනමාවේ චරිත ගණනක් රඟ පෑ මේ රුවැත්තිය හදිසියේම රෝද පුටුවකට වෙනවා. අසරණ වූ ඇයට එතැන් පටන් උපකාර කරන්නේ ඇගේ එකම පුත්‍රයා යි. සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය අනුෂා, ඇගේ ජීවිතය ගැන බොහෝමයක් මතක රසිකයින් සමඟ ඉදහිට බෙදා හදා ගන්නවා.
මේ තියෙන්නෙත් ඇය කියූ ඇගේ කතාවේ කොටසක්.
"....පැජන්ඩ් ගැන ගොඩක් කතා කරනවනේ මේ දවස්වල. මමත් සහභාගි වුණා පැජන්ඩ් වලට. 1990 කළුතර ප්‍රාදේශීය සභාවේ කළා අවුරුදු උත්සවයක්. මට ඒකේ පළවැනි ස්ථානය ලැබුණා. දිස්ත්‍රික්ක මට්ටමිනුත් අවුරුදු කුමාරි වුණේ මම... 1991 දිත් මිස් වර්කින් ගර්ල් පැජන්ඩ් එකටත් සහභාගි වුණා. ඒකෙන් තුන්වැනි ස්ථානය ලබාගත්තා. ඔන්න ඕක තමයි මගේ පැජන්ඩ් කතාව...."
"මිස් ශ්‍රී ලංකාත් මම ඇප්ලයි කළා. ඒකට මට ආවා. නමුත් මම සහභාගි වුණා. මුලින්ම මට ගැහැනු ළමයි ටෙලි නාට්‍යයෙන් අවස්ථාව ලැබුණා. මට ඒ දවස්වල ඉඳලම ප්‍රියතම නළුවා වුණේ ජීවන් කුමාරතුංග. මම ජීවන්ට හරිම ආස කෙනෙක්. එයා හින්දයි ටෙලි නාට්‍යයට ගියේ. එක්තරා පුවත්පතක කවරයේ ජීවන් අයියයි ගීතා අක්කයි හිටියේ. ජීවන් අයියට තිබ්බ කැමැත්ත නිසාම මම ඒක ගත්තා. ඒකේ තමයි තිබ්බේ ටෙලි නාට්‍යයට අලුත් චරිත හොයනවා කියලා..."
"මම ඒකට ඇප්ලිකේෂන් දාලා ඉන්ටවීව් ගොඩකට සම්බන්ධ වුණා. සුමිත්‍රා පීරිස් මහත්මිය මාව තෝරගත්තා. එතන තමයි මගේ කලාවට පය තිබ්බ මුල්ම තැන. එතන ඉඳලා මගේ ජීවිතේ ගොඩක් පැතිවලට ගලාගෙන ගියා.."
"ඒ ගැන ඉස්සරහාට කියන්නම්..."